පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නීත්‍යනුකුල බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට හිමිවන බවත්

, වර්තමාන ආණ්ඩුවට කිසිම ජනමතයක් නොමැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසිය.

ඔහු එබව කියා සිටියේ, නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදීය.  

"වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ලැබෙනවා. අපි තරයේ විශ්වාස කරනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ බලය පාවිච්චි කළ යුතුයි කියලා. දැන් මැතිවරණ පවත්වනවාද මැතිවරණ පවත්වන කාලය මේ සියල්ලම තීරණයේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුකූලව නෙවෙයි. එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි. මුදල් ඇමතිවරයා තමයි. ඒ සියල්ලක්ම තීරණය කරන්නේ." ජී.එල්. පීරිස් පැවසිය.



මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව පැවසු මහාචාර්ය ජී. එල්. පීරිස්, මුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි මැතිවරණ කාලය තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත්, රටේ ජනගහනයෙන් 90% ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවත් කියා සිටියේය.  

 


පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ ඡන්දය කල් දැමීමට වක්‍ර ලෙස ගන්නා උත්සාහයට සහාය පළ කිරීමක් බව ඔහු කියා සිටියේය.

මැතිවරණ කොමිසන් සභාවේ අවංක උත්සාහය රජය විසින් විනාශ කළ බව පැවසු මහාචාර්යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආණ්ඩුකම ව්‍යවස්ථාව මුළු මුළුමනින්ම බැහැර කර බවත්, ඔහුගේ ක්‍රියා පටිපාටියට විරුද්ධව නීතිය හමුවට යන බවත් අවධාරණය කළේය.

දැනට පවතින මැතිවරණ කොමිසන් සභාවට සභා වෙනුවට වෙනත් කොමිෂන් සභාවක් ආදේශ කිරීමෙන් කිසිසේත් අනුමත නොකරන බව ද මහාචාර්ය ජී .එල් පීරිස් පැවසිය.

ජාත්‍යන්තර ආයෝජන සමාගම් අප රට අතහැර දමා යෑම ආර්ථිකයට ප්‍රබල ප්‍රහාරයක් වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටකට විදේශ ආයෝජන නොලැබී යන බවත් IMF මූල්‍ය ආධාර හිමිවන්නේ ස්ථාවර ආණ්ඩුවකට පමණක් බවත් සඳහන් කළේය.

 

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්