එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (21) පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය.



එහිදී එජාප පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 1100 ක් පමණ වූ පළාත් පාලන මන්ත්‍රීවරු සියලුදෙනා පක්ෂයෙන් නෙරපා, අලුතින් මන්ත්‍රීවරු පත්කිරීම සඳහා වූ යෝජනාවක් සම්මතකර ගැනීමට නියමිත බව වාර්තාවේ.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කිරීමට යයි.


පළාත් පාලන බලය කොමසාරිස්වරුන් වෙත පැවරීමට පෙර ..


පළාත් පාලන බලය කොමසාරිස්වරුන් වෙත පැවරීමට පෙර දින කිහිපයකට හෝ මෙම අලුත් මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකළ යුතු බවට එජාප කළමනාකරණ කමිටුව පසුගියදා තීන්දුකර ඇතැයි පැවසේ.

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින්, පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන් වන අතර, ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්, මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින්, පළාත් පාලන ආයතන වල නිල කාලය මාර්තු මස 19වැනිදායින් අවසන් වනු ඇත.

මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද, පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්