මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත් නැතිනම් ඒ නිලධාරින් හරහා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.



ගම්මන්පිල මන්ත්‍රීවරයා එබව ප්‍රකාශ කර සිටියේ අද දින (22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.  

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.


''මැතිවරණය කල් දැමීම ගැන නිලධාරින්ට බනින්න එපා''


''විපක්ෂයේ සමහර දේශපාලකයින් මැතිවරණය කල් දැමීම පිලිබඳ රජයේ මුද්‍රණාලයාධිපතිනියට දොස් කියනවා. තවත් සමහරු භාණ්ඩාගාර ලේකම්ට දොස් කියනවා. මැතිවරණ කොමිසමට බැන වදින අයත් ඉන්නවා. නමුත් රජයේ නිලධාරින්ට දොස් කියලා වැඩක් නෑ. ඒ අය චක්‍රලේඛ, ඇමති මණ්ඩල තීන්දු සහ ඇමතිවරයාගේ නියෝග අනුව කටයුතු කරන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.

 

''ණයට කිසිම භාණ්ඩයක් විකුණන්න එපා සේවාවක් සපයන්න එපා. එහෙම කලොත් තමන්ට පෞද්ගලිකව වග කියන්න වෙනවා කියලා චක්‍රලේඛයක් නිකුත් කලාම මුද්‍රණාලයාධිපතිනියට මුදල් ගන්නේ නැතිව ඡන්ද පත්‍රිකා නිකුත් කරන්න බෑ තමයි. ඡන්දය කල් දැමීම දේශපාලන තීන්දුවක්. අපි ඒකට අල්ලා ගන්න ඕනෑ ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයින් මිස බෙල්ලෙන් අල්ලා ගන්න ලෙහෙසි නිලධාරින් නොවේ.''

 

නොවැම්බර් මස ජනපතිවරණයක් බෑ !


සමහරු කියනවා ජනාධිපතිතුමා පුංචි ඡන්දය කල් දාන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් කියලා.  ඒක නිසා ජනපතිවරණයට කලින් ආණ්ඩුව වෙනත් ඡන්දයක් පවත්වලා ඒක අන්ත පරාජයකට පත් වුණාම ජනාධිපතිතුමාට නොවැම්බරයේ පවත්වන ජනාධිපතිවරණයට අයහපත් විධියට බලපාන්න පුළුවන්. ඒක නිසා ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු.  මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කලාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාව හරි හැටි කියවපු නැති ගොඩ පෙරකදෝරුවෙක් තමයි නොවැම්බර් 18 ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන් කියා ජනාධිපතිට ලණුවක් දීලා තිබෙන්නේ.


මැතිවරණයට සල්ලි සොයා ගන්න විකල්ප ක්‍රම 4ක්


ආණ්ඩුව මැතිවරණය කල් දාන්න ඉදිරිපත් කරන බොරු හේතුව තමයි සල්ලි නෑ කියන එක. ඇත්ත හේතුව සල්ලි නැති එක නොවේ. ආණ්ඩුවට ඡන්ද නැති එක.  නවතම සමීක්ෂණ වාර්තා කියන පරිදි ආණ්ඩුවේ ඡන්ද බැංකුව 10% දක්වා පහත වැටුණු එක. නැතිනම් මිලියන 9,000ක් බිලියන 9ක් සොයා ගන්න එක අමාරු වැඩක් නොවේ. ඒක අපට ලොකු ගණනක් වුණත් ආණ්ඩුවට පොඩි ගණනක්. දවසකට රුපියල් බිලියන 15ක් මේ ආණ්ඩුව වියදම් කරනවා. ඒකත් එක්ක බලන විට මේ අපි කතා කරන්නේ දවස් භාගයක වියදමක් ගැන.

ඇත්තටම සල්ලි නැතිනම් ආණ්ඩුවට අනුගමනය කරන්න පුළුවන් විකල්ප 4ක් තිබෙනවා.


1) දෛනික වියදමෙන් 1%ක් මැතිවරණ කොමිසමට ලබා දීම :

ආණ්ඩුව එක දවසට රුපියල් බිලියන 15ක් වියදම් කරනවා. ඒකෙන් 1%ක් කියන්නේ මිලියන 150ක්. දිනපතා ආණ්ඩුවේ දෛනික වියදමෙන් 1%ක් මැතිවරණ කොමිසමට දුන්නොත් දින 60ක් යන විට ආණ්ඩුවේ ඇඟට පතට නොදැනීම මැතිවරණ වියදම කොමිසමට ලැබිලා විතරයි.


2) මුදල් අච්චු ගැසීම : 

 
ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මාසයේ එක දවසකට රුපියල් බිලියන 7 ගණනේ මුදල් අච්චු ගහලා තිබෙනවා.  ඒ කියන්නේ එක දවසක අච්චු ගහන මුදල් මැතිවරණ කොමිසමට දුන්නොත් මැතිවරණය පැවැත්වීමට ඒකම ප්‍රමාණවත්.
 
 
රටේ මහ ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙලා මුළු රටම ආයෙ අක්‍රීය වෙලා අකර්මන්‍ය වීම ඉන් වලක්වා ගන්න පුළුවන්. මේ රටේ ජනතාවට ආර්ථික දුෂ්කරතා තියෙද්දි මොන මැතිවරණ ද කියලා ආණ්ඩුව අහනවා. ජනතාවට මේ ආර්ථික දුෂ්කරතා නිසා ආණ්ඩුවත් සමග තියෙන කේන්තිය හා තරහව පිට කරගන්න පුළුවන් සාමකාමීම ක්‍රමය මැතිවරණයකට ගිහිල්ල ජනතාව ආණ්ඩුවට විරුද්ධව කතිරය ගහන එක. ඒ අවස්ථාව අහිමි කිරීමෙන් ජනතාව ප්‍රචණ්ඩව ආණ්ඩුවට එරෙහිව තමන්ගේ කේන්තිය පිටකරන්න  පුළුවන්. ඒ නිසා සල්ලි අච්චු ගහලා හරි මැතිවරණය පැවැත්වීම රටේ ශරීර සෞඛ්‍යයටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයටත් යහපතක් වෙනවා.
 
 
3) ජාත්‍යන්තර ආධාරයක් ලබා ගැනීම :  

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආධාර ලබා දෙන රටවල් සහ සංවිධාන ගණනාවක් ලෝකයේ තිබෙනවා.  රුපියල් බිලියන 9ක් කියන්නේ ඩොලර් මිලියන 24ක්.  අපට පසුගිය දෙවසරේ විතරක් ඉන්දියාව ඩොලර් මිලියන 4,000ක් ණයට දීලා තිබෙනවා.  ඒකත් එක්ක බලන විට මේක ඉතා සුළු මුදලක්.  අපි මැතිවරණය පැවැත්වීමට ආධාරයක් ඉල්ලුවොත් මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වගේම ඩොලර් ලැබෙන මාර්ගයක් බවට පත් කර ගන්නත් පුළුවන්.


4) මහජන ආධාර පැතීම :

මැතිවරණයට වියදම් වන බිලියන 9 ඡන්දදායකයින් මිලියන 16න් බෙදුවොත් එක් ඡන්දදායකයෙකු දායක වන්න ඕනි රුපියල් 562යි.  අද බොහෝ විට කෑම වේලකට ඊට වඩා යනවා.  ආර්ථික දුෂ්කරතා මැද ඉන්න ජනතාව මත ඡන්දය පැවැත්වීමේ බරත් පටවන්න යනවා කියා දැන් චෝදනා කරන්න එපා. සෑම පුද්ගලයෙකුම මේකට දායක වෙන්න ඕනි නෑ. ඩොලර් බිලියනයකට වඩා වත්කම් තිබෙන ධනවතුන් සිටින රටක් මේක. ඒ නිසා ඇති හැකි අයට මැතිවරණය පවත්වන්න දායක වෙන්න ආණ්ඩුවට මැතිවරණ අරමුදලක් හදන්න පුළුවන්.

අපි මේ කිව්වේ විකල්ප 4යි. ආණ්ඩුවට සල්ලි සොයා ගන්න තව ඕනෑ තරම් විකල්ප ඇති. නැත්තේ මැතිවරණය පැවැත්වීමේ උවමනාව විතරයි.


මැතිවරණයට තරග කරන රජයේ නිලධාරින් නඩු මගට


රජයේ සේවකයෙක් මැතිවරණයට ඉදිරිපත් වෙන විට නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතුයි.  මේ අය වැටුප් රහිත නිවාඩු ලබා ගෙන අපේක්ෂකයින් බවට පත් වුණේ වැටුප් නැතිව ඉන්න වෙන්නේ උපරිම සති හතයි කියන බලාපොරොත්තුවෙන්. මොකද පලාත්පාලන මැතිවරණ නීතියට අනුව නාමයෝජනා දින සිට සති 7ක් ඇතුලත මැතිවරණය පැවැත්විය විය යුතුයි.  
 
වැටුප් ලැබිලාත් ජීවත් වෙන්න අමාරු යුගයක වැටුප් නැතිව මාස ගණනක් මේ නිලධාරින් ඉන්නේ කොහොමද?
 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්