මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි.



ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙම තීරණය ගන්නා ලෙස එම සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ ඊයේ (පෙබ. 21) පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළේ ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අය- වැයෙන් වෙන් කළ රුපියල් බිලියන දහයෙන් මුද්‍රණ වියදම්, ප්‍රවාහන වියදම්, නිලධාරි වැටුප්, ආහාර සහ ආරක්ෂක වියදම් දැරීමට සිදුවන බව පැවැසූ හෙතෙම මැතිවරණය ඩිජිටල්කරණය කළහොත් මෙම වියදම අඩුකර ගත හැකි යැයි සඳහන් කළේ ය.

මැතිවරණයේ මුද්‍රණ වියදම පමණක් රුපියල් බිලියන 4.1ක් වන බව ත් මැතිවරණය ඩිජිටල්කරණය කර ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයකට මාරු වුවහොත් මෙම මුදල ඉතිරි කරගත හැකි බව ත් කැඳවුම්කරු ප්‍රකාශ කළේ ය.

ඉන්දියාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් සහ ඉතා දුරබැහැර රාජකාරි කරන රජයේ සේවකයන්ට 2021 වසරේ කොරෝනා වසංගතය සමයේ මොබයිල් බේස් ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් බව පැවැසූ අමන්ද රණසිංහ, එය සියයට 95ක් සාර්ථක වූ බවත් ශ්‍රී ලංකාවට ද එවැනි ක්‍රමවේදයකට යොමුවිය හැකි බව ත් කීවේය.

එසේ ම, ඉන්දියාව 1989 සිට ඡන්දපොළ තදබදය අඩු කිරීමට ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍රයක් භාවිත කරන බව පැවැසූ හෙතෙම මේ වනවිට නැමීබියාව, නේපාලය එය භාවිත කරන බව ත්, එස්තෝනියාව 2005 සිට මැතිවරණය ඩිජිටල්කරණය කළ බවත් පෙන්වා දුන්නේ ය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්