ත්‍රස්ත පනත නිසා උතුරු නැගෙනහිර ජනයා වසර ගණනාවක් බැට කෑ ප්‍රශ්න සම්බන්ධයෙන්

දකුණේ සමාජය දැනුවත් කරමින් එම පනත අහෝසි කිරීම සදහා දැවැන්ත මැදිහත්වීමක් සිදුකරන බව ලාංකීය ශීෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ නායකයෙක් පවසයි.

" මේ පනත සම්බන්ධව බරපතල සාකච්ඡාවක් නැති උනු දකුනේ සමාජයට, උතුරේ සමාජය මුහුණ දුන්නු ප්‍රශ්න ටික, නැගෙනහිර සමාජය මුහුණ දුන්නු ප්‍රශ්න ටික අපි අරන් එනවා දකුනේ සමාජයට. "

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සදහා වු අඛණ්ඩ දැවැන්ත මැදිහත්වීම සිදු කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සදහන් කළේ " ත්‍රස්ත පනත අහෝසි කරනු! සංශෝධන එපා! ආදේශක එපා!" තේමාව යටතේ පෙබරවාරි 21 දා කොළඹ  පදනම් ආයතනයේ දී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබු සාකච්ඡාවකට එක්වෙමිනි.

ශිෂ්‍ය විරෝධතාවකට සහභාගී වී ආපසු යමින් සිටියදී 2022 අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 5 ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමෙන් පසු නිදහස ලබා සිටින අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ එහිදී වැඩි දුරටත් සදහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර දේශපාලන රැදවියන් සියලු දෙනා නිදහස් කරගැනිමට අදාලව ප්‍රවේශය ලබා ගන්නා බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නම වෙනස් කරමින් නව නාමයක් යටතේ එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවටත් ශිෂ්‍ය නායකයා එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

" මේ පනතේ නම වෙනස් කරගෙන මේකම අරන් යන්න ඉන්න ආණ්ඩුවට අපි කියනවා ලෑස්ති වෙලා ඉන්න මේක හොර පාරෙන් වෙන ලේබල් ගහලා මේ පනතම නැවත ගෙනියන්න වෙන්නේ නැහැ. ඒ නිසා නිශ්චිතවම මේක අහෝසි කරනවා. මේ කුරිරු මිලේජ්ඡ පනත, මේ කුරිරු මිලේජ්ඡ පනත අහෝසි කිරීම සදහා වු අඛණ්ඩ මැදිහත්වීම ලබාදෙනවා .''

  

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්