මුදල් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ තිබෙන වැදගත්ම කාරක සභාවකි.

පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලය ක්‍රියාත්මක කිරීමේ යතුර තිබෙන්නේ මෙම කාරක සභාවටයි.

උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට මුදල් පනතක් සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීමට පෙර එයින් රටට ජනතාවට වෙන බලපෑම සොයා බලා මූලික අනුමැතිය ලබාදෙන්නේ මුදල් කාරක සභාව මගිනුයි.

මේ නිසා, මෙම කාරක සභාවේ තිබෙන වැදගත්කම පිළිබඳව මා තුළ ගැඹුරු අවබෝධයක් තිබුණු අතර මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා වූ පසුව කිසිදු යෝජනාවක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විටෙක එම යෝජනා අනුමත කිරීමට කටයුතු කළේ නෑ.

ඒ තුළ තිබුණේ බංකොලොත් වූ රටක ජනතාවගේ බදු මුදල් රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ යෙදවිය යුතුයැයි මා තුළ තිබුණු දැඩි විශ්වාසයයි. ඕනෑ කමයි.



කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටවිය යුතුයැයි මා මුදල් කාරක සභාවේදී අවධාරණය කළා. ආයෝජන මණ්ඩලය විසින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන විට එයින් රටට ලැබෙන වාසිය ගණනය කර විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නැයි මා අවධාරණය කළා. එසේ කරන තුරු මුදල් කාරක සභාව එම යෝජනාව අනුමත කළේ නෑ. මෙය මේ රටේ චෞර වලල්ලට ඉමහත් හිසරදයක් වූ බව දැන් පැහැදිලියි.

 

මාව මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් අනීතිකව එලවන්නේ මේ හොර රැළට නැවතත් රිසිසේ ජනතා ධනය මංකොල්ල කෑමට බව පැහැදිලියි. රට සහ ජනතාව වෙනුවෙන් වැඩකර මා දේශපාලන ගොදුරක් වීම පිළිබඳව කණගාටුවන නමුත් මේ චෞර වළල්ල පරාජය කිරීමට මා වෙනදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට මා සියළු සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි මා සිතනවා.

නමුත්, හොරුන් රැකීමට ඔවුන්ට හොරා කෑමට අවස්ථාව ලබාදීමට මා සූදානම් නොවීම මා එම තනතුරින් එළවා දැමීමට එකම හේතුවයි. මේ අසාධාරණයට එරෙහිව සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නැගී සිටිනු ඇතැයි මා සිතන අතර ඔවුනොවුන්ගේ හැසිරීම මත ජනතා අධිකරණයේදී සියල්ල මැනවින් විසඳෙනු ඇතැයි මා දැඩිව විශ්වාස කරනවා.


(ආචාර්ය හර්ෂ ද සිල්වා)
මුදල් කාරක සභාවේ හිටපු සභාපති

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




මයන්ත මුදල් කාරක සභාවට


මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙ වැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අහෝසි වීම හේතුවෙන් හර්ෂ ද සිල්වා ට එම තනතුර අහිමිවිය.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් යෝජනා කර තිබිණ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්