පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (24) නිවේදනය කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය.
මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බවද වාර්තා විය.
ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කිරීම ට ද තීරණය කර තිබේ.
එහිදී, 2023.03.09 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි ලිපියක්
මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ - (ගාමිණී වියන්ගොඩ)