විදෙස් ගමන් බලපත්‍ සඳහා කාන්තාවන් ඡායාරූප ගැනීමේදී නළලේ තිලක තබමින් ඡායාරූපයට පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් පනවා ඇති නීතියට හින්දු සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය මතුව ඇත.

හින්දු සංවිධාන එම විරෝධය පළකර ඇත්තේ, හින්දු කාන්තාවන් පාරම්පරික සංස්කෘතික අංගයක් වන නළලේ තිලක යෙදීම සිදු නොකරන්නේ සැමියා මිය යාමෙන් පසුව සඳහන් කරමිනි.

ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අළුතින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෙම නීතියට අනුකූලව ඡායාරූප වලට පෙනී සිටීම අනිවාර්ය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ඉද්දවල 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.

 ලෝකයේ ගුවන් ගමන් නියාමනය කරන icco නැමති ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කර ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුවම මෙරට මගීන් සදහාද ගුවන් ගමන් නිකුත් කරන බවද හෙතෙම කියා සිටියි.

වැඩිදුරටත් මේ පිළිබද කරුණු පැහැදිලි කරන මහින්ද ඉද්දවල මෙසේද පවසයි.

''ලෝකයේ සිවිල් ගුවන් සේවා නියාමනය කරන ජාත්‍යන්තර ආයතනය වන  icco ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කරල තියෙනවා ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදී සජීවී පෙනුමේ සහ ඡායාරූපයේ මුහුණේ කිසිදු වෙනසක් නොතිබිය යුතුයි කියලා.

සමහර රටවල් වල ගුවන් ගමන් අවසන් කර ගුවන් තොටුපළෙන් පිටව යාමේදී දොරටු විවර වෙන්නේ මගියාගේ ඡායාරූපය තහවුරු කිරීමෙන් පසුවයි.

කෙසේ නමුත් කාන්තාවන් විසින් මුහුණේ සිදුකර ගනු ලබන වෙනස් කිරීම් නිසා ඇතැම් අවස්ථාවල ඔවුන්ට දොරටු විවර නොවීමේ සිද්ධීන් ද වාර්තා වෙලා තියෙනවා.

ඒ වගේම නළලේ තිලක දමමින් ඡායාරූපයේ සිටින කාන්තාවන් ගුවන් ගමන් යාමේදී තිලක නැතිව ගමන් ගෙන තිබෙනවා. ඒ අයටත් මේ සිද්ධියට මුහුණ දීමට සිදුව තිබෙනවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්