එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතිය තුළදීම නිම කිරීමට පක්ෂ
මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කටයුතු යොදා ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත් කර යැවීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් පසුගිය 21 වෙනිදා පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත කරගනු ලැබිය.
ඒ අනුව, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු ද මේ පිරිස අතර සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පත් කිරීමට නියමිතය.
ඊට අදාලව කඩිනමින් සම්මුඛ පරික්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තනතුරු වෙනුවෙන් පත් කිරීමට ද එජාපය තීරණය කර තිබේ.
සජබට ගිය මන්ත්‍රීවරු අධිකරණයට යයි !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන් වන අතර, ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.
පවතින තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින්, පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ, පළාත් පාලන බලය කොමසාරිස්වරුන් වෙත පැවරීමට පෙර දින කිහිපයකට හෝ මෙම අලුත් මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකළ යුතු බවට එජාප කළමනාකරණ කමිටුව පසුගියදා තීන්දුකර තිබිණ.
කෙසේවුවද සමගි බලවේගයට ගිය එජාප මන්ත්‍රීවරුන් තමන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එරෙහිව අධිකරණය වෙත යාමට තීරණය කර තිබේ.
සබැඳි පුවත් :
සජබෙට ගිය මන්ත්‍රීවරු දොට්ට දාන්න එජාප කෘත්‍යාධිකාරිය අද රැස්වේ