ජපානයේ රික්ටර් මාපංක 6.1ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝ හි නැගෙනහිර කොටසේ අද(25) රිච්ටර් මාපංක 6.1 ක භූමිකම්පාවක් ඇති වූ බව බලධාරීහු පවසා ඇති නමුත් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

පෘථිවි විද්‍යාව සහ ආපදා ප්‍රතිරෝධය පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනය (NIED) පවසන පරිදි, භූමිකම්පාව කිලෝමීටර් 61 (සැතපුම් 38) ගැඹුරින් නෙමුරෝ අර්ධද්වීපයේ ඇති වූ බව වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ දක්වා තුවාල හෝ හානි පිළිබඳ වාර්තා වීමක් සිදුව නැත.

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්