මැතිවරණ සීමා නිර්ණයට අදාළ අවසන් වාර්තාව මාර්තු මස අවසන් දිනයට පෙර ලබා දිය හැකි බවත්, එම සීමා නීර්ණයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු කළ යුතු බවත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.



එම වාර්තාව රජයට ලබා දීමෙන් පසුව සමාලෝචන කමිටුවක් පත්කොට අඩුපාඩු සැකසීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම වාර්තාව ලබා දී තිබුණත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් පරණ ක්‍රමයට මෙම ඡන්දය පැවැත්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් කීය.


'ඡන්ද දිනය තුන්වැනිදා කියනවා' - මැතිවරණ කොමිසම


යෝජිත පළාත් පාලන මැතිවරණය කලින් නිවේදනය කළ පරිදි මාර්තු මස 9 දින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සිකුරාදා (24) නිවේදනය කළේය. මැතිවරණ කොමිසමේ පාලනයෙන් බැහැර කාරණා හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ සඳහන් විය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දක්වා සිදුකළ ව්‍යාවස්ථාපිත කාර්යයන් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කොට මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කතානායකවරයාට මැදිහත් වෙන ලෙස දැනුම්දීමට කොමිෂන් සභා තීරණය කළ බවද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


(deshaya.lk)

 

 JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්