රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.



හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මෙම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයින් ද එක්ව සිටීම විශේෂත්වයකි.

වෘත්තීය සමිති සියයකට අධික ප්‍රමාණයක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඒකරාශී වෙමින් සිටින බවත්, තම සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (28) පෙරවරු 10.00 කැඳවා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමිල් විජේසිංහ පැවසිය.



රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියහ කුළා ගන්නා තෙක් සිය සටන අත් නොහරින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවේ, හෙට දිනයේ වර්ජනය සඳහා තෙල්, වරාය, විදුලිය වෘත්තීය සමිති ද සම්බන්ධවන බවයි.

හෙට දිනයෙන් පසුව රජය තම ගැටලුව විසඳීමට පියවර නොගන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පැවසීය.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ද මෙසේ කරුණු දැක්විය.



මාසිකව ලක්ෂ ගණනින් වැටුප ලබන රජයේ සේවකයින් !


රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම සඳහා මාර්තු 1 වැනිදා වැඩ වර්ජනයට එක්ව සිටින විශ්ව විද්‍යාල, වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තියවේදීන් මසකට රුපියල් ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ලබන තැනැත්තන් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

රජයේ සේවකයින් ගෙන් අති බහුතරයකගේ මාසික වැටුප රුපියල් 50,000කටත් වඩා අඩු බැවින් රජයේ නව බදු ප්‍රතිපත්තියෙන් ඔවුනට වැඩි බලපෑමක් සිදුව නොමැති බවත්, ඒ අනුව මාසිකව ලක්ෂ ගණනින් වැටුප ලබන රජයේ සේවකයින් පමණක් හෙට විරෝධයට එක්ව ඇති බවත් එම නිලධාරියා කියා සිටියේය.

අමාත්‍යංශ ලේකම්වරුන්, දිසාපතිවරුන් වැනි රජයේ ඉහලම පරිපාලන නිලධාරින්ගේ මාසික වැටුප පවා රුපියල් ලක්ෂය ඉක්මවා නොයන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්