theleaderlk 01

ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



මෙලෙස දුම්රිය දෙක එකිනෙකට අනතුර ලක්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැත.

අතෑන්ස් සිට තෙලෙස්ලෝන්කි බලා ගමන් කරමින් තිබු මගී දුම්රියක් සහ තෙලෙස්ලෝන්කි සිට ලාරිසා බලා ධාවනය ධාවනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

“ මෙම අනතුර ඉතා බරපතලයි. දුම්රියන්හි ඉදිරිපස කොටස් දැඩිසේ විනාශයට ලක්ව තිබෙනවා" යැයි සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

අනතුරෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි 04ක් පීලි පැනීමට ලක්ව ඇති අතර ඉන් පළමු මැදිරි දෙක සම්පුර්ණයෙන් විනාශයට ලක්වී තිබේ.

මගී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 250 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරට පත් දුම්රිය මැදිරි අතර තවත් පුද්ගලයින් සිරවී සිටිද යන්න පිළිබඳව සහන සේවකයින් සොයමින් සිටින බවද වාර්තා වේ.



t 2t 3t 6t 4t 5


(nethnews.lk)

 

JW