1971 අරගලය සමයේ සමාජවාදී සමාජයක් තුළ වැඩිහිටියන් මරා දමන බවට අවලාද පතුරුවමින් බොරු බිල්ලන් මැවූ පාලකයන් දැන් වැඩිහිටියන් මරා දැමීමේ තීරණ රාජ්‍ය මට්ටමෙන් ගනිමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.



එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ, පෙබරවාරි 27 දින අනුරාධපුරය පොල අසල ප්‍රජාශාලාවේ "ඡන්දෙ නෑලු - මුන්ට බෑලු" මැයෙන් පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

"පෙබරවාරි 26වැනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ විශාම වැටුප් අයිතිය මූළුමනින්ම අහෝසි වන නීති සංශෝධනයක් ගේන්න. ඒ නව පනත මගින් සියවසකට වඩා පරණ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි වෙලා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් එනවා. තමන්ගේ වැඩිහිටි වියේ ආරක්ෂණය සඳහා තම මාසික වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයා 12%ක් යොදන අරමුදලකට රජයේ සේවකයන්ට එකඟ වෙන්න සිදුවෙලා. දැනට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ රජයේ සේවකයන්ට විතරයි. ඒකත් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති සොච්චමක් පෞද්ගලික අංශයේ කම්කරුවාට  - වතු කම්කරුවාට - ගොවියාට - ධීවරයාට - ස්වයං රැකියා නියුක්තිකයාට - සුළු නිෂ්පාදකයාට ආදී කිසිවෙකුට වැඩිහිටි වියේදි සමාජ ආරක්ෂණයක් නෑ.

 

''හැම වැඩිහිටියෙකුගේම වගකීම ගන්නවා වෙනුවට රජය කරන්නේ ඒ වගකීමෙන් කර හරින එක. වැඩිහිටියන් සමාජයට බරක් කියලා කැබිනට් තීන්දුවේ තියෙනවා. මුළු ජීවිත කාලයක් කඹුරන කොට බරක් කියන්නේ නෑනේ. වැඩ කරන්න බැරි තරම් වයසට ගියාම තමයි බරක් කියන්නේ. ලජ්ජයි.''

 

වැඩිහිටියන් මරන්නේ කවු ද? සමාජවාදය ද? ධනවාදය ද ?


ඒ අතර රෝහල් වල බෙහෙත් නෑ. පිටින් ගන්නත් සමහර ඒවා නෑ සල්ලි වලට ගන්න තියෙන ඒවා ගිනි ගණන්. ඒ ඔක්කොමත් හරි ඖෂධ  නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බාල බෙහෙතුත් ගෙන්වන්න පටන් අරන් එක්කෝ බෙහෙත් නැතිව මැරෙන්න වෙනවා. නැතිනම් බාල බෙහෙත් බීලා මැරෙන්න වෙනවා මේ හැම අර්බුදයක්ම වැඩිහිටියන්ගේ ජීවිත අවදානමට ලක් කරනවා.

අන්තිමට වැඩිහිටියන් මරන්නේ කවු ද? සමාජවාදය ද? ධනවාදය ද ? මෑතකදී අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නවත්වනවා කියලා සෞඛ්‍ය ඇමති කිව්වා. රජයේ රෝහල් වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කරන්නත් මාස ගණන් පොරොත්තු ලේඛනවල ඉන්න ඕන. කවුද අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කරන්නේ? මේ කරන්නේ ශල්‍යකර්ම කරද්දී තරුණ අයට ප්‍රමුඛතාව දීලා වැඩිහිටියන්ට මැරෙන්න සලස්වන එක. වැඩිහිටියන්ගේ ඇස්වල සුද ඉවත් කරන ශල්‍යකර්මත් අත්‍යවශ්‍ය නොවන ඒවාලු. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ ඇස් අන්ධ වුණාට කමක් නෑ කියන එකද රාජ්‍ය ප්‍රතිපත්තිය ?

අලුතින් අයිතීන් දිනා ගන්න නෙවෙයි බිංදුවේ මට්ටමේ ඉන්නත් අරගල කරන්න වෙන ඉරණමකට අපි ඇද වැටිලා ඉන්නේ. ජීවන මට්ටම් උසස් කර ගන්න නෙවෙයි නොමැරී ජීවිතය ගැටගසා ගන්නත් අරගල කරන්න වෙනවා. "

333933410 881726829946874 2703263499407264109 n

331545902 925196532235266 5325749210813385433 n


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්