නව විදුලි ජනන බලාගාර  ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස පහත වැටිම නිසා 2021 වර්ෂයේ දි

රුපියල් බිලියන 6.54ක් වටිනා ගිගාවොට් පැය 267.17ක අතිරේක විදුලිබලයක් මිලදි ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වසර 04ක කාලය තුළදි මෙගාවොට් 2,032ක ධාරිතාවයකින් යුත් නව ජනන විදුලිබලාගාර ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට තිබුණි.

කෙසේවුවද මින් සපයාගැනිමට හැකිවි ඇත්තේ මෙගාවොට් 661.6ක විදුලිබල ධාරිතාවයක් පමණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා සැලසුමේ අරමුණු වු අඩු පිරිවැයකින් යුත් විදුලිබලය සැපයිම ඉටුකරගැනිමට නොහැකිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිර්ඝකාලින විදුලිබලය පුළුල් කිරිමේ සැලසුම් සකස් කළද මෙකි සැලසුම්වල හදුනාගෙන ඇති මෙවැනි බලාගාර සංවර්ධනය කිරිම සඳහා විදුලිබල මණ්ඩලයට තනිව බලයක් නොමැති බව විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

(lankasara.com)

සබැඳි ලිපි :

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්