එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව

එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය විසින් අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේ එක්සත් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ දරන්නේ නම් එය කුමන්ත්‍රණයකට අනුව සිදු වන්නක් බවයි.

 

නව ආරම්භයක් අවශ්‍යයි -තිස්ස

මේ අතර අද (10)  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක පැවසුයේ, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බවයි.

ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස පරාජය වීම සඳහා එවක පැවති රජයේ තිබු දුර්වතා සහ උදාසීනත්වය බල පෑ බවද ඔහු සිහිපත් කළේය. පක්ෂය තුල තිබෙන නායකත්ව අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

එම නිසා පක්ෂය තුල සමුහික ගමනක් පැවතිය යුතු බවත් තීන්දු තීරණ වෙනස් විය යුතු බවත් නව එක්සත් ජාතික පක්ෂයක් බිහි විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්