‘‘රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය පරදවමු!‘‘ යන තේමාව යටතේ අද (05) දින සවස 03:00ට මිලානෝ හිදී දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ.



ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවයේ පෙළපාලිය මිලානෝ පියස්සා ලීමා (Metropolitana Lima) ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතය.

අනතුරුව එම පෙළපාලිය මිලානෝ ප්‍රධාන දුම්රිය පොල (Milano Centrale) ඉදිරිපිට පැමිණීමට නියමිත අතර එහිදී විරෝධතා රැලියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

NPP Milano 2023.03.04 1


මැතිවරණ කල් දැමීමට එරෙහිව සර්ව පාක්ෂික සමුළුවක්!


මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සැලසුම් කර ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී, නීතිඥ ඩී. එම්. දිසානායක සඳහන් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන  දේශපාලන පක්ෂ නියෝජිතයින්, නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් ලබන 9 වැනිදා කොළඹදී එම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන බවයි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්