ශ්‍රී ලංකාවේ අපනයනවලින් උපයාගත් ඩොලර් කෝටි 3600ක (ඩොලර් බිලියන 36ක) අති විශාල මුදලක් පිටරට බැංකුවල තැන්පත් කර ඇතැයි විදේශ අපනයන වෙළෙඳාම පිළිබඳව විමර්ශනය කරන අමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි මණ්ඩල ආයතනයක් වන 'ග්ලෝබල් ෆිනෑන්ස් ඉන්ටග්‍රිටි' ආයතනය මගින් වාර්තා කර තිබේ.



මෙම මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මහ බැංකුව හෝ බලධාරීන් මෙතෙක් ක්‍රියා කර නොමැති බවද එම ආයතනය සඳහන් කර ඇත.

අපනයනයෙන් ලැබෙන ආදායම සහ ඒවා තැන්පත් කෙරෙන අක්වෙරළ ආයතන සංඛ්‍යාව පිළිබඳව එම වාර්තාවේ සඳහන් නොවූවද, ශ්‍රී ලංකාවේ රේගු, අපනයන ලේඛන සහ විදේශ රටවල ආනයන ලේඛනවල දත්ත පුළුල් ලෙස විමසා විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම තත්ත්වය හඳුනාගත් බව එහි සඳහන්ය.

'ඩේලිමිරර්' පුවත්පත සඳහන් කරන පරිදි අමෙරිකානු ඩොලර් බිලියන 36ක් යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසකි. දැනට ශ්‍රී ලංකාවේ පවතින්නේ ඩොලර් බිලියන 81ක පමණ ආර්ථිකයකි. එසේ තිබියදී අපනයනකරුවන් මෙම මුදල් ලංකාවට ගෙන ඒමෙන් වැළකී සිටීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ අපනයනයෙන් ලැබෙන සියලුම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවන විට, පවතින නීතියට අනුව මෙරට බැංකු හරහා එම ඩොලර් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු වීමයි.

විදේශ විනිමය රුපියල් බවට පත් කිරීමෙන් පසු නැවතත් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ විනිමය ලබාගැනීමට නොහැකි වන බවට වන සැකය නිසා අපනයනකරුවන් තමන්ගේ විදේශ අරමුදල් පිටරට බැංකුවල රඳවා තබන බව වැඩිදුරටත් වාර්තා වෙයි.


(deshaya.lk)

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්