වන්නියේ පුරා විද්‍යා රක්ෂිතයක වසර සිය ගණනක් දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක

අලුත් ඉදි කිරීම් තහනම් කරමින් අධිකරණය දී ඇති තීන්දුවක් නොතකා හරිමින් කටයුතු  කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිකරණය වාර්තාවක් ඉල්ලා තිබේ.

එම ස්ථානයේ බෞද්ධ වන්දනාවකට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව සිටින උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මුලතිව් මහේස්ත්‍රාත් වරයා නියෝග නිකුත් කර ඇත.

අලුතින් ඉදිකිරීම් තහනම් කර ඇති පුරාවිද්‍යා භුමියේ උසාවි අනුදැනීමකින් තොරව යුද හමුදා භට පිරිස් යොදවා තිබීම හෙළිකරගත් දෙමළ ජනතා නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සම්බන්ධයෙන්  2022 වසරේ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුනි.

ප්‍රදේශවාසි ජනතාව වෙනුවෙන් එම නඩුව ගොනු කර තිබුනේ  උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කාන්දයියා සිවනේෂන්, හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෛරාජා රවිහරන් සහ සමාජ ක්‍රියාකාරික ජී. ජුඩ් ප්‍රසාන්ත්  විසිනි.

එම නඩුව ජුලි  21 වැනිදා දෙවැනි වරට කැඳවු අවස්ථාවේදී අධිකරණයේ විනිසුරු ඇතුළු පිරිසක් ඉදිකිරීම් කරන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව නියෝග කර තිබුනේ එහි අලුතින් ඉදිකිරීම් වහාම නවත්වන ලෙසයි.



2022 වසරේ නොවැම්බර් 24 වැනිදා එම නඩුව යළි කැදවු අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් නීතිඥ  වී.එස් ධනංජයන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග නොතකමින් එහි ඉදිකිරීම් තව දුරටත් සිදු වන බවයි. එම ඉදිකිරීම් නතර කරන ලෙසට විනිසුරුවරයා එදින යළිත් වරක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට සහ විහාරාධිපති හිමියන්ට නියෝග කර තිබුනි.


නීතිඥ වී.එස් ධනංජයන් 2023 මාර්තු 2 වැනි බදාදා මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවන චෛත්‍යයේ නවතම ඡායාරූප මුලතිව් මහේස්ත්‍රාත්  ටී. සරවනරාජා වෙත ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ විනිසුරුවරයා විසින් දෙවරක්ම ලබා දී ඇති නියෝග කඩකරමින් එම චෛත්‍යයේ ඉදිකිරීම් තව දුරටත් සිදු වන බවයි.

එම ඡායාරුපවල දැක්වෙන පරිදි ඉදිකිරීම් කටයුතු සඳහා පුරාවස්තු යොදාගෙන තිබේ.

අභිනව චෛත්‍යයේ කොතට තබා ඇත්තේ පුරාතන ශෛලමය අෂ්ඨපාද ශිවලිංගයක් බවට විශ්වාස කෙරෙන පුරාවිද්‍යා භූමියෙන් හමුවූ හින්දුන්ගේ පූජනීය වස්තුවකි.

කරුණු විමසා බැලු විනිසුරුවරයා මීලග නඩු වාරය යෙදී තිබෙන මාර්තු 30 වැනිදාට මුලතිව් පොලිස් ස්ථානාධිපතිට සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව පළාත් බද මාධ්‍යවේදීහු වාර්තා කරති.


ජනතා නියෝජිතයන් අධිකරණයට


මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය  පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන්  ඉදිවු  චෛත්‍ය  විවෘත  කිරීමට සහ  අලුතින් බුදු පිළිමයක් තැන්පත් කිරීමට 2022 වසරේ ජුනි 12 වැනි දා උත්සාවකාරයෙන් කටයුතු සංවිධානය කර තිබු අවස්ථාවේ ප්‍රදේශවාසී දෙමළ ජනතාව සමග එතැනට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු පිරිස එහිදී සටන් පුවරුද සහිතව විරෝධතා දක්වමින් චෝදනා කර තිබුනේ පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කරන මුවාවෙන් දෙමළ ජනතාවගේ පුජා භුමියක අලුතින් විහාරස්ථානයක් ඉදි කර ඇති  බවයි


මන්ත්‍රීවරයා ඇතුළු පිරිස  එදින බෞද්ධ ආගමික වන්දනාවකට බාධා කළ බවට චෝදනා කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් අධිකරණයේ ගොනු කර තිබු නඩුව ද මාර්තු 2 වැනි බ්‍රහස්පතින්දා විභාගයට ගත් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා එහිදී නියෝග කර ඇත්තේ, එම නඩුව යළි විභාගයට ගන්නා ජුනි 8 වැනිදා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම්ට අධිකරනය හමුවේ පෙනී සිටින ලෙසයි.

 
පුදබිමේ කරවල
 
පුරාවිද්‍යා ස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදවන ලෙස දී ඇති උසාවි නියෝගයට හරස්ව යමින් එහි යුද හමුදා භටපිරිස් යොදවා ඇති බව නඩු දිනයට දවස් කීපයකට ඉහත රාත්‍රියේ හදිසියේ ගිය TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් මුලතිව් පොලිස් ස්ථානාධිපතිට පැමිණිලි කර තිබේ.
 
මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කුරුන්තුර් මලයට ලඟා වෙද්දී නිල ඇඳුමින් යුත් හමුදා සෙබළුන් එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරය වීඩියෝ ගතවී තිබේ.
 
ජීවිකාව රැකගැනීම සඳහා යාබද වැවේ ධීවර රැකියාවේ යෙදීම ප්‍රදේශවාසීන්ට තහනම් කර ඇති යුද  හමුදාවේ භට පිරිස් වැව් මාළු කරවලට වේලන දර්ශනද දෙමළ මාධ්‍යවේදීන් විසින් රූ ගත කර ඇත.

Jaffna 00 1
Jaffna 00 2
Jaffna 00 3
 

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්