SHUT UP AND SIT DOWN යයි මේ රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් SHUT UP AND SIT DOWN වර්ගයේ තීන්දුවක් දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පැවසීය.

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව පැවසූ විපක්ෂ නායකවරයා, තවදුරටත් මැතිවරණය කල් දැමීමට දැන් ආණ්ඩුවට අයිතියක් නැතැයි පැවසීය.

ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන සිටින ඇතැමුන් නිහඬව සිටිද්දී සමගි ජන බලවේගය මේරටේ දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් අධිකරණය වෙත ගිය බවත් එයින් ලද තීන්දුව හේතුකොටගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩවම එකම විශ්වාසය තැබූ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, එය ලබා ලබාගැනීම වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගත් බවත්, ඉදිරියේදිත් ඒ වෙනුවෙන් ඇප කැප වන බවත් අවධාරණය කළේය.

බංකොලොත් රටක ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ වැටුණු රට ගොඩනැඟීමේ හැකියාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය බවද පැවසීය.

විපක්ෂනයකවරයා එම කාරනා සඳහන් කර සිටියේ, කළුතර බුලත්සිංහල පැවති ජනහමුවක් අමතමිනි.

 

Screenshot 2023 03 06 at 9.35.48 AM

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්