රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.
මේ ආයතන වසර තුනකදී රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම ආයතන තිස් දෙක,
# 2018 වර්ෂයේදී රුපියල් කෝටි 19300ක්ද
# 2018 වර්ෂයේදී රුපියල් කෝටි 19300ක්ද
# 2019 වර්ෂයේදී රුපියල් කෝටි 15800 ක්ද
# 2020 වර්ෂයේදී රුපියල් කෝටි 11400 ක්ද පාඩු ලබා ඇතැයි මන්ත්‍රීවරයා පැවසිය.
මේවා පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වාර්ෂිකව කෝටි ගණන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් පොම්ප කිරීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම පාඩු ලබන ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් සමස්ත පාඩුවෙන් සියයට හතළිහක් පමණ අයත් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බවත් ගාමිණී වලේබොඩ පැවසුවේය.
කණගාටුදායක කරුණක් නම් සමහර ආයතන අද පවත්වාගෙන යන්නේ සේවකයන් රැක බලාගැනීමට බවද ඔහු සඳහන් කළේය.
මෙම ආයතනවල සේවකයින් අති බහුතරයක් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් ලබන අතර රජයේ නව බදු ප්‍රතිපතියට එරෙහිව පෙරමුණ ගෙන සිටින්නේ එම ආයතනවලට අදාල වෘත්තීය සමිතිවීම විශේෂ කාරණයකි.
අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම මට්ටමට ගෙන ඒම සදහා යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් විධිමත් විගණනයක් හා මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ මෙනිසා බවද පෙන්වා දුන්නේය.
සමහර ආයතන වැඩකට නැති ව්‍යාපෘති ගෙනවිත් මුදල් කාබාසිනියා කළ බවට චෝදනා එල්ලවී ඇති බවත් මේ ආයතන ගොඩගැනීමට ඇති විසදුම පෞද්ගලීකරණය නොවන බවත් වලේබොඩ වැඩිදුරටත් පැවසීය.
(මුලාශ්‍රය - lankadeepa.lk)
සමහර ආයතන වැඩකට නැති ව්‍යාපෘති ගෙනවිත් මුදල් කාබාසිනියා කළ බවට චෝදනා එල්ලවී ඇති බවත් මේ ආයතන ගොඩගැනීමට ඇති විසදුම පෞද්ගලීකරණය නොවන බවත් වලේබොඩ වැඩිදුරටත් පැවසීය.
(මුලාශ්‍රය - lankadeepa.lk)