ලංකා‍වෙන් පලා ගිය යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජාතිකයකු ඉන්දියාවෙන් ආපසු හරවා එවීමෙන් අනතුරුව නැවත දිවයිනට ගොඩබසින අවස්ථාවේදී, ශ්‍රී ලංකා ත්‍රස්ත පොලිසිය විසින් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.



එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු යැයි චෝදනා එල්ල වී ඇති සෙල්ලපාක්කියම් සුදාකරන් පසුගිය දා ගුවන් තොටුපළේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) නිලධාරීන් විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලදී.

ත්‍රිකුණාමලයේ විසූ සුදාකරන් 2018 දී ඉන්දියාව බලා පිටත්ව ගිය බව පවසන නමුත්, ඔහු ඉන්දියාවට ගොඩ බැස්සේ කෙසේද යන්න පැහැදිලි නැත. ‍

කෙසේවෙතත්, ඉන්දියාවට ‍ග‍ොඩබැසීමත් සමග එරට පොලිසියේ අත්අඩංගුවට ගන්නා ලද ඔහුව, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි ශ්‍රී ලාංකිකයන් (සරණාගතයින්) සඳහා ‍ව‍ෙන් වූ විශේෂ කඳවුරකට යවා ඇත.

වසර පහක් ඉන්දියාවේ ගත කළ ඔහු පෙබරවාරි 25 වැනි දින ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබූ අතර, දිවයිනට පා තැබූ වහාම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

වධහිංසා පැමිණවීමේ ම්ලේච්ඡ විමර්ශන ක්‍රම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක් උසුලන, 4 වැනි මහල ලෙස කුප්‍රකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (CID) වෙත ඔහු රැගෙන ගොස් ඇති බවට, මානව හිමිකම් කොමිෂන් සභාවේ ත්‍රිකුණාමල කාර්යාලය විසින් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන සෙල්ලපාක්කියම් උලකේන්දිරන්ට පවසා ඇත.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කුවිතාන්සියේ සඳහන් වන්නේ ඔහු කිරුලපන, බුටානි ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ රඳවා ඇති බවයි.

Sellapakkiayam Suthakaran MOD

මෙසේ සුදාකරන් පිටුවහල් කර ඇත්තේ ඉන්දියාවේ පැවති නඩු විභාගය අවසන් වීමත් සමගමය. බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමේදී සුදාකරන් මීට ඉහතදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසුව වසර දෙකහමාරකට වැඩි කාලයක් ඔහුව ට්‍රිචි හි විශේෂ කඳවුරේ රඳවා තබන ලදී.

CTID ‍යේ අත්අඩංගුවට පත්වීමට පෙර රහස් පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලට ඔහු ලක්වී තිබේ. සුදාකරන් පිටුවහල් කර මෙරටට පැමිණි දා සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි නොකළ බව ඔහුගේ ඥාතීහු පවසති.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත නීති කෙතරම් පැරණි සහ කුරිරු ද යත්, නඩු ‍පැවරීමකින් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව, සිරකරුවන් වසර ගණනාවක් තිස්සේ එම නීති යටතේ රඳවා තබාගනු ලබන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්