ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයට එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත්කර ඇත.


ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කෙටි කලකට විදෙස්ගත වීම හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (06) දින පක්ෂ මුලස්ථානයේදී වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් පත්වීමේ ලිපිය සරත් ඒකනායක වෙත පිළිගන්වනු ලැබිය.

සරත් ඒකනායක මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙකි.

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්