ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට නැවත මහගෙදරට පැමිණ රටේ අනාගතය භාර ගන්නා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ආරාධනය කර සිටියි.
දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, අනුරාධපුරයේ පැවති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි.
රට නිවැරදි තැනට ගෙන ඒම වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත කර ඇති බව එහිදී ඔහු අවධාරණය කළේය.

ශ්‍රීලනිප මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මේ දිනවල විදේශගතව සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයට සරත් ඒකනායක පත්කිරීමට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ කටයුතු කර තිබිණ.
එසේම, පසුගියදා ශ්‍රීලනිපයෙන් නෙරපනු ලැබූ අමාත්‍ය නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම යළි පක්ෂය වෙත එක්කර ගැනීමටත් ඔවුන් දැරූ තනතුරු යළි ලබාදීමටත් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන එකඟතාවයට පැමිණ ඇතැයි ද වාර්තාවේ.
සබැඳි පුවත් :
සරත් ඒකනායක ශ්‍රීලනිප වැඩබලන ලේකම් ධුරයට