උත්තරීතරයැයි කියනා මේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සිය ආචාර්ය උපාධියට නිබන්ධනය කර ඇත්තේ ස්ත්‍රී නිමිත්ත ගැන දැයි තමා දැනගන්නට කැමති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කළාය.



ඇය මේ බව විමසුවේ පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඇති වූ සංවාදයක් තුළ අධ්‍යාපන අමාත්‍යවරයා ඇය වෙත කුණු හරපයක් කියමින් බැණ වැදීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කිරීමෙන් අනතුරවය.

මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්නගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය. 

 
තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද අමාත්‍යවරයා කීවේය.

ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.

''අද මගෙ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරලා තිබුනා. අද දවසින් ඒක අයින් කරලා තියනවා. මට සැකයක් තියනවා මෙතුමා මේ ප්‍රකාශය කරනකම් තමයි ඒක අයින් කළේ කියලා.

කතානායක තුමනි, මම ඔබතුමාගෙන් එක්ක අහනවා.

24 වැනිදා මේ උත්තරීතර යැයි කී සභාවේ සභානායක අධ්‍යාපන ඇමති, කුණුහරපාචාරය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව ඔබ තුම  කතානායවරයා ලෙසත් අගමැතිවරයාත් ඔතන ඉඳන් ඒක පිළිගන්නව ද?

ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියනව ද?. එහෙම නැතිනම් අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ තියනවා මේ වචනය. මේ වචනය මට කියන්න බෑ. එතෙන්ට මට වැටෙන්න බෑ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද?

හෙට කාන්තා දිනය. ඔබතුමන්ලා ඔක්කොම කාන්තාවන් ගැන කතා කරන්න යනවා. ඒත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ කාන්තාවක් කතා කරන්න යනකොට ඒ කාන්තාවගේ ස්ත්‍රී නිමිත්ත එළියට ඇදලා ඒකට මල ද මල් ද කියනවා.''

(lankasara.com)



සබැඳි පුවත්:
අධ්‍යාපන ඇමති රෝහිණිට කුනුහරුප කියයි !


 

 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්