මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි

ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බවත්, මේ වනවිට විවිධ කූට උපායන් 22ක් පමණ යොදා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

''ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව පෙනේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩප්‍රස්ථා හැකිලීමකි.''

මේ බව අවධාරණය කරන්නේ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරනු ලැබීය.






ජනපති ඡන්දය තියන දවස කියයි !


කෙසේවුවද අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බවට සහතික විය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා, රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බවට පාර්ලිමේන්තුව අමතමින් සහතික විය.

මහජනයාගේ භාෂණයේ අයිතිය පිළිගත් ජනාධිපතිවරයා, ඕනෑම ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට මුහුණ දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, තවත් ජූලි 09 වැනි තත්ත්වයක් යළි රට තුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටි අතර රට තුළ අරාජිකත්වය වැළැක්වීම සඳහා කැප වූ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ස්තූතිය පුද කළේය.


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්