විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාසට රජයෙන් කිසිඳු අකාරයේ විශේෂ වරප්‍රසාදයක් හිමිව නොමැති බව සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් කණිෂ්ක ලැනරෝල් අවධාරණය කර සිටියි.



විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එබව කියා සිටියේ, හේමා ප්‍රේමදාස සම්බන්ධයෙන් ජවිපෙ විසින් සිදුකළා යයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

අදාල අණ පනත් වලට අනුව වැන්දඹු ජනාධිපති බිරියකට නිල වාහනයක්, නිල නිවසක්, බැකප් රථයක් ආදී වරප්‍රසාද රැසක් හිමිවිය යුතු වුවද, හේමා ප්‍රේමදාස ඒ කිසිවක් ලබාගෙන නොමැති බවත්, අදටත් ඇය සිටින්නේ පෞද්ගලික නිවසක බවත් කණිෂ්ක ලැනරෝල් මෙහිදී සඳහන් කළේය.

අන් අයට චෝදනා කිරීමට පළමුව ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරියට සහ ළමයි පස් දෙනාට සාධාරණය ඉටු කරන ලෙසට ලැනරෝල් මෙහිදී ජවිපෙන් ඉල්ලා සිටියේය.

.


 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්