නැගෙනහිර පළාතේ දෙමළ ජනයා මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වු උතුරේ දෙමළ ජනතා නියෝජිතයකුට යුද හමුදාව බාධා පමුණුවා තිබේ.

මඩකලපුව, මයිලත්තමඩු ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් යොදා තිබෙන මුර කපොල්ලක් අසලදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හමුදා සාමාජිකයාගේ බාධාකාරී ප්‍රශ්න කිරීමකට මුහුණ දී ඇත්තේ ඉකුත් සති අන්තයේයි.

දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමි මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල්වල ජනතාව විසින් අත්පත්කරගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මන්ත්‍රීවරයා එම ප්‍රදේශයට යමින් සිටියදී ඹහුගේ වාහනය තවතමින් හමුදා සාමාජිකයා ප්‍රශ්න කරන්නේ එම ප්‍රදේශයට යෑම සදහා හේතුව කුමක්ද යන්නයි.

කිසිදු පොලිස් භටයකු නොමැතිව යුද හමුදාව සිවිල් කටයුතු වලට මැදිහත් වීම දැඩි ලෙස ප්‍රශ්න කළ TNPF මන්ත්‍රීවරයා අවහිරය නොතකා තම ගමන ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හඳුනන්නේ නැතැයි හමුදා සාමාජිකයා පවසන ආකාරය සාමාජ මාධ්‍ය වල හුමවාරු වන වීඩියෝවකින් දැක ගත හැකිය.

"ඔබතුමා කවුද කියලා අපි දන්නෙත් නෑනේ... අපි දන්නෑ ඔබතුමා කවුද කියලා." හමුදා සාමාජිකයා පවසද්දී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා තමන් හදුන්වා දෙන්නේ  ‘පුරවැසියකු’ ලෙසිනි.

තමන්ගේ ගමනට බාධා පමුණුවන්නේ කුමන නීතියක් යටතේදැයි හමුදා සාමාජිකයාගෙන් ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා එම බාධා කිරීම නොකතා සිය ගමනාන්තය වෙත ගමන් කර තිබුනේ " මොන නීතියට අනුවද ඔයා නවත්තන්නේ. ඔයා ආමි කෙනෙක්නේ. ආමිට මාව නවත්තන්න බෑ. යන්න. මාව නවත්තන්න බැ. පොලීසිය තමයි ඉන්න ඕනේ මාව නවත්තන්න. තේරුනැයි? හදිසි නීතිය කිසිම දෙයක් නෑ." යනුවෙන් පවසමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ යුද හමුදා සාමාජිකයා අතර සිදුවන සංවාදය පහත වීඩියෝවෙන් නරඹන්න. 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්