"මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන කුමන්ත්‍රණය පරදවමු" යන තේමාව යටතේ රජයට එරෙහිව විරෝධතා පෙළපාලියක් හා ජනරැලියක් මිලානෝ නගරයේ දි පැවැත්විණි.



ජාතික ජන බලවේගයේ විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

ජන මතේට - බය හින්දා පුංචි ඡන්දෙ - වළකනවා, ඡන්ද නැතුව - බලේ අරන් වෙවුලනවද , යන සටන් පාඨ කියමින් මිලානෝ නගරයේ පියස්සා ලීමා සිට  ආරම්භ කළ පෙළපාළියක් පසුව විරෝධතාකරුවන් විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද්දේ මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට පැමිණ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය.

මැතිවරණය නොපැවැත්වීම, රජයට විරුද්ධ සාමකාමි උද්ඝෝෂකයින්ට පොලිස් ප්‍රහාර දියත් කිරීම, විදුලිය, ගෑස්, ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීමට එරෙහිවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කර වහා ඡන්දයක් පවත්වන ලෙසත් ලෝකයේ අනෙකුත් රටවල් ලබා දෙන්නා වූ විදුලිය, ගෑස්, ඉන්ධන සහන ජනතාවට ලබා නොදි හොරා කන බවට ශ්‍රී ලංකා රජයට චෝදනා කරමින් එම උද්ඝෝෂණය පැවැත්විය.

(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )

image 944558536dimage 95db2c7125



සබැඳි පුවත් :
පුංචි ඡන්දය ඉල්ලා ලාංකිකයෝ අද මිලානෝ හි උද්ඝෝෂණයක


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්