කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ ඒ අවට ඊයේ (07) සිදු වූ අමානුෂික, අවමන් සහගත සහ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයන් තරයේ හෙළා දකින්න බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරුන් පවසති.



ඒ, නීති පීඨයේ සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පොලිසිය සහ කැරලි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් භාවිතා කරමින් සිදු කළ මෙම ප්‍රහාරය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි අපහසුතාවයට පත් වූ අතර සිසුන් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු විය.

සමාජයේ සියලුම තැනැත්තන් වෙත සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින අප, සාමකාමී විරෝධතාවයන් හි යෙදීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. නීත්‍යානුකූල ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ වටපිටාවක් වන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පාරිශුද්ධත්වය කෙළෙසීම අපි දැඩිව හෙළා දකින්නෙමු.


අත්සන් කළේ:

මහාචාර්ය වසන්තා සෙනවිරත්න
මහාචාර්ය රෝස් විජේසේකර
මහාචාර්ය ඒ. සර්වේෂ්වරන්
මහාචාර්ය නාසිමා කමර්දීන්
මහාචාර්ය කෝකිලා කෝනසිංහ
ආචාර්ය උදපාදි ලියනගේ
‍ආචාර්ය ශර්මිලා ඩාවුඩ්
ආචාර්ය දර්ශිකා පතිරණ
ආචාර්ය කෞෂානි පතිරණ
ආචාර්ය යූ. ඒ. ටී. උදයංගනී
ආචාර්ය විසාකේස චන්ද්‍රෙස්කරම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ඒ.එම් හකීම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉසුරු ලියනගේ
කථිකාචාර්ය තුෂාන්තිගා කුමාරසූරියර්
කථිකාචාර්ය යශෝධා ඒකනායක
කථිකාචාර්ය ප්‍රමෝදා විතානගේ
කථිකාචාර්ය තිලිණි ගලප්පත්තිගේ
කථිකාචාර්ය බුද්ධිකා මුණසිංහ                                                                                                                                    
කථිකාචාර්ය අකලංක තිලකරත්න
කථිකාචාර්ය දුමිදු මදුෂාන්
කථිකාචාර්ය කුසල් අමරසිංහ
කථිකාචාර්ය සුසරිතා සේගර්
කථිකාචාර්ය කමල් අහමඩ්
කථිකාචාර්ය වත්සලා සමරනායක
කථිකාචාර්ය තිසරි පතිරාරච්චි
කථිකාචාර්ය ශර්මිලා ඇන්තනී
කථිකාචාර්ය කවිඳු හේවා ගීගනගේ



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්