දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි පුද්ගලයින් මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.



දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවද ඒ දේශපාලන පක්ෂ විශ්වාස කළ විදේශ රැකියාවල නිරත සමහරුන් රටට ‌ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන සිටි බව ඇමතිවරයා කීය.

මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී නොගෙවීම ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා කීය.

රුපියල ශක්තිමත් වීම පටන් ගත් මොහොතේම විදෙස් සේවයේ නියුතු ඇතම් ශ්‍රී ලාංකිකයින් සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවීමට පටන් ගෙන තියෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



රුපියල දිනෙන් දින ශක්තිමත් වන්නේ කොහොම ද? - පාඨලී චම්පික රණවක


රුපියල ශක්තිමත් වීම පිළිබඳව කරුණු පැහැදිලි කරන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසන්නේ,  විවෘත වෙළඳ පොළේ ඩොලරයේ අගය මේ වනවිට ආණ්ඩුවේ බැංකුවල ඩොලරයේ අගයටත් වඩා අඩුව ඇති තත්ත්වයක් තුළ උන්ඩියල්, හවාලා ආදිය ගැන තිබූ උනන්දුව, ආකර්ශනය මේ වනවිට පහව ගොස් තිබෙන බවයි.

 මේ මොහොතේ මහ බැංකුව රුපියල වෙළඳපොලට අවශ්‍ය විදිහට පාකර හැරිය යුතු බව ප්‍රකාශ කරන පාඨලී රණවක මන්ත්‍රීවරයා, නැවතත් ආනයන සඳහා Open Account විවෘත කිරීම පිලිබඳ මහබැංකුවේ ස්ථාවරය කුමක්ද යන්නත්, රටේ මේ වනවිට ඩොලර් වලට ඇති ඉල්ලුම අඩුවීම පිළිබඳවත්, රුපියල දිනෙන් දින මෙලෙස ශක්තිමත් වන්නේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරයි.

 පහත විඩියෝවෙන් බලන්න.





‘රුපියල ශක්තිමත් නම් සීමා ඉවත් කරන්න‘


මේ අතර ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුයේ, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ය. 

රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.

 

සබැඳි ලිපි :


අපි ඩොලර් වැස්සේ තෙමෙමු - (රජිත් කීර්ති තෙන්නකෝන්)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්