හය වසරකට පෙර පොලිස් වෙඩි පහරින් මහ මග මරා දැමුණු උපාධි අපේක්ෂකයකුගේ 31 වැනි උපන් දිනය දා

ඔහු අනුස්මරණය කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබේ.


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙපළගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුව පැවති 2016 ඔක්තෝබර් 20 වැනිදා රාත්‍රියේ කොකුවිල්, කුලප්පිට්ටි මංසන්ධියේදී යාපන සරසවියේ සිසුන් දෙදෙනෙකු මරා දමා තිබුනේ පොලීසිය වෙඩි තැබීමෙනි. එවක පොලිසිය බාර අමාත්‍යවරයා වූයේ වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකයි.

එවකට 22 හැවිරිදි කිලිනොච්චියේ පදිංචි කරුවකු වූ නඩරාසා ගජන් සහ  යාපනයේ අලවෙඩ්ඩි, කන්දරෝඩෛ හි පදිංචි 24 හැවිරිදි  විජයකුමාර් සුලක්‍ෂන් ගේ ඝාතනය ගැන සරසවි සිසුන් ඇතුළු මහජනතාවගේ විරෝධය හේතුවෙන් උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. එහෙත් ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් කිසිදු පියවරක් ගත බවක් දැනගන්නට නැත.



පොලිස් වෙඩි තැබීම නීති විරෝධී බව පොලිස් කොමිසමේ ප්‍රධානියා විසින් කියා තිබුනද  ‘අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය’ යොදා ඇති බව ප්‍රකාශ කළ එවකට පොලිස්පති පූජීත් ජයසුන්දර දන්වා සිටියේ රාජකාරියේ නිරතව සිටියදී ‘අතපසුවීමකින්’ වෙඩි තැබීම වාර්තා නොකර සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

ඝාතනයට ලක්වු සිසුන් දෙදෙනා වෙනුවෙන් යාපනය චුන්නාකම් ප්‍රදේශයේ ඉදි කර තිබෙන බස් නැවතුම් පොළ තුලදී   විජයකුමාර් සුලක්‍ෂන් ගේ 31 වැනි උපන් යෙදී තිබු මාර්තු 8 වැනි බදාදා  ඔහු අනුස්මරණය කළ ඥාතීන් සහ මිතුරන් ඒ අවට පාසල් සිසුන්ට  දිවා ආහාරය ලබා දීමටත් කටයුතු කළ බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

විජයකුමාර් සුලක්‍ෂන් ගේ 31 වැනි උපන් දින කේක් ගෙඩිය කැපීමට කටයුතු කර තිබුනේද  නිල  ඇදුමින් සැරසී සිටි පාසල් සිසුන් පිරිසකි. එහි නඩරාසා ගජන්ගේ මෙන්ම විජයකුමාර් සුලක්‍ෂන් ගේ ඡායාරූප දැකගත හැකිය.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්