බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුවන තෙක් සිය සටන අත් නොහරින බව

යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින යුද පීඩිත උතුරේ මව්වරුන් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කෙරේද නොමනාපය පල කර තිබේ.

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරූ උතුරු නැගෙනහිර දෙමළ මවුවරුන් රජයට අවධාරණය කළේ උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව තව දුරටත් රැඳී සිටීම පිළිගත නොහැකි බවයි.

උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මාර්තු 8 වැනි දා පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට වටරවුමේ දී දෙමළ මවුවරුන් විරෝධතා දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

අතුරුදහන් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා 2017 වසරේ ජගත් කාන්තා දිනයේ ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර හයක් සපිරෙන දිනයේත්  වීදි බසිමින් (විරෝධතා කියලා එකම වාක්‍යයේ දෙතැනක)  ඔවුන් ඉල්ලා සිටියේ  (මෙතනත් සමීපතමයන් එකම වාක්‍යයක දෙතැනක) යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.



ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලුදෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතා පැවැත්වු ඔවුන් ජගත් කාන්තා දිනයේදීත් ලක් රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙසයි.

 

"කෝ අපේ ඥාතීන්, අතුරුදහන්වුවන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්තිය ඉටුකරන UNRCH52 සැසිවාරයේ දී හෝ අපිට යුක්තිය ලබා දෙනවාද?" යනුවෙන් සඳහන් සටන්පාඨ පෙරටු කරගනිමින් ඔවුන් විරෝධතා දක්වා ති‌බේ.

විරෝධතාවයට එක්ව සිටි මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් වින්දිතයන් රැවටීම සිදු නොකළ යුතු බවයි.

 “උතුරේ සහ  නැගෙනහිර  හමුදාව තවදුරටත් රැඳී සිටීම පිළිගන්න බෑ. බෞද්ධ ආක්‍රමණයත් නැවැත්විය යුතුයි” යැයි ප්‍රකාශ කළාය.

හමුදාවට භාර දුන්  සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි නොකරන ශ්‍රී ලංකා රජය තවදුරටත් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව කාලය ලබාදීම පිළිගත නොහැකි බව යාපනය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා ඉලංකෝදෙයි ශිවපාදම් මාතාව සඳහන් කළාය.

උතුරු නැඟෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී මාතාව සඳහන් කළේ යුක්තිය ඉටු වන තෙක් අරගලය අත් නොහරින බවයි.

“අපි මැරුණාම මේ අරගලය ඉවරයි කියලා ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකා රජය හිතන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම නෑ. යුක්තිය ඉටුවනතුරු මේ අරගලය දිගටම පවතිනවා.”

යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වන දේශිය යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන බව වව්නියාව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සිවානන්දන් ජෙනීටා ත් සඳහන් කළාය.

“අපි අභ්‍යන්තර පරීක්ෂණය දිගටම ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකාව තුළ අපට යුක්තිය ලබාදෙන්නේ නෑ. මිනීමරුවන්ගෙන් යුක්තිය ඉල්ලා සිටින්නේ කොහොමද? අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරයේදී හෝ  වින්දිතයන්ට යුක්තිය ඉටු කළ යුතුයි” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

සේයා: කනපතිපිල්ලේ කුමනන්
වීඩියෝ: ෂන්මුගම් තවසීලන්

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්