ශ්‍රී ලංකා පොලීසියට කඳුළු ගෑස් මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගතය ගැන රසායනාගාර පරීක්ෂණයක් සිදු කර නැතැයි

හෙලිවී ඇතැයි සමාජය සහ සාමයික කේන්ද්‍රීය පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

එම පර්යේෂණයට අනුව 2022 වසරේදී උද්ඝෝෂණ විසිරුවා හැරීම සඳහා කල් ඉකුත් වූ කඳුළු ගෑස් යොදාගෙන ඇති අතර, ඒ අතරට 2000 වසරේ සිට නිෂ්පාදිත කඳුළු ගෑස් ද යොදාගෙන තිබේ.

2012 වසරේ සිට 2019 වසර දක්වා අවස්ථා කිහිපයකදී ගෙන්වන ලද කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ 40,000ක ප්‍රමාණයක් කල් ඉකුත්ව ඇති අතර 2022 වසරේ ජුලි 20 දක්වා භාවිත  කර ඇති කඳුළු ගෑස් ප්‍රමාණය 8265කි.

ගිනි අවි අසලදී කඳුළු ගෑස් භාවිත නොකරන ලෙස කඳුළු ගෑස් නිෂ්පාදකයින් සඳහන් කළ ද 2022 වසරේ දී කඳුළු ගෑස් වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇත්තේ ගිනි අවි අසලදී බව ද පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් පවසා තිබේ.



ලංකාවේ මූල්‍ය අර්බුදයක් පැවති 2022 වසරේ මාර්තු 31 වැනිදා සිට ජූලි 20 වැනිදා තෙක් ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා 84කදී කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ 6722ක් භාවිත කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 26 ක් වන අතර එක් දිනකදී වැඩිම කඳුළු ගෑස් උණ්ඩ සහ බෝම්බ ප්‍රහාර සිදුකර තිබුණේ, 2022 වසරේ දිනකදී සිදුවු උද්ඝෝෂණයක් අතරතුරදීයි වන අතර එම ප්‍රමාණය 100 කි.



මෙම කාරනය් සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මෙසේ පැවසිය.

'' 2012 ඉඳලා 2022 වෙනකන් අවස්ථා 4කදී කඳුළු ගෑස් මිලදී අරගෙන තියෙනවා. 2020 දී මිලදි ගත් කඳුළු ගෑස් බෝම්බවල රසායන ද්‍රව්‍ය ප්‍රමාණය 105ක්. ඒ කියන්නේ අපි අධික විස සහිත කඳුළු ගෑස්තමයි පහුගිය කාලයේදී කඳුළු ගෑස්වලට නිරාවණය වෙලා තියෙන්නේ අධික විස සහිත කඳුළු ගෑස්වලට කියලා අපිට අනුමානය කරන්න පුලුවන්. අපි කරපු සොයා බැලීම්වලදී තහවුරු වුණා. පරණ කඳුළු ගෑස් ගහලා තියෙනවා කියලා. කඳුළු ගෑස් උණ්ඩයක හෝ බෝම්බයක ආයු කාලය වසර 5ක්. 2000 අවුරුද්දේ කඳුළු ගෑස් 2005 දී එක්ස්ෆයර් වෙනවා. හැබැයි 2000 අවුරුද්දේ ඒවා අවුරුදු 22 කට පස්සේ 2022 ගහලා තියෙනවා. ඒ වගේ තමයි මේ ලේඛනවලින් තහවුරු නොවුනාට අපිට කඳුළු ගෑස් ගහලා වැටිලා තිබුණු උණ්ඩ වලින් අපි හොයාගත්තා 2005 වසරේ නිෂ්පාදිත කඳුළු ගෑස්  ගහලා. ඒ කියන්නේ 2022 වර්ෂයේදී 2000 අවුරුද්දේ නිෂ්පාදනය කළ කඳුළු ගෑස් 2005 වර්ෂයේ නිෂ්පාදනය කළ කඳුළු ගෑස්  2010 නිෂ්පාදනය කළ කඳුළු ගෑස් 2011, 2012, 2014, 2016,කඳුළු ගෑස්  ගහලා තියෙනවා.."



ශ්‍රී ලංකා පොලීසිය කල් ඉකුත් වී ඇති කඳුළු ගෑස් භාවිත කරන බවත්, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට පටහැනිව ඒවා භාවිත කරන බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේය.



වෙනත් රටකටවත් නොගහන කඳුළු ගෑස් ලංකාවේ ගහන්නේ ඇයි'?

වෙනත් රටක හමුදාවකට හෝ එල්ල නොකරන බවට ශ්‍රී ලංකාව සහතික වී ඇති කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට එරෙහිව භාවිත කිරීම කණගාටුදායක බව නීතිඥ සුරේන් ඩී පෙරේරා BBC සිංහල සේවයට පැවසුවේය.

පොලීසිය කඳුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව දැනටමත් මානව කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඉදිරියේදී ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්