භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරිවරයකුට

ඊයේ (10) පස්වරුවේ එම ආයතනයේ සේවය කරන කාර්යාල කාර්ය සේවකයකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මාර්තු 10 සවස 5.30ට පමණ අදාළ නිලධාරියා කාර්යාලය තුළ (භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානය) රාජකාරී කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවේ දී බවද වාර්තා වේ.

වාර්තාවන ආකාරයට භූවිද්‍යා පතල් කාරාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරි බුද්ධික තිලකරත්න මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

 

භූවිද්‍යා පතල් කාරාංශයේ කාර්යාල කාර්ය සේවකයකු වන සමන් ප්‍රනාන්දු නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවත් එසේ තමන්ට ඉහළ නිලධාරියකුට පහරදීමක් සිදුකිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ තමන්ගේ මෝටර් රථය ඉදිරියේ නිලධාරියාගේ මෝටර් බයිසිකලය නවතා තිබීම නිසා මෝටර් රථය හැසිරවීමට බාධා වූ බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ දී අපට වාර්තා වූයේ සිද්ධියට අදාළ කාරණාව වෙනකක් බවය. එනම් භූවිද්‍යා පතල් කාරාංශයේ බලධාරීන් පිරිසක් විසින් සිදුකිරීමට ගිය පරිගණක මගඩියකට අදාළ නිලධාරියා බාධා කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

 

කෝටි දෙකකට වැඩි පරගණක මගඩියක්

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කර ඇති තත්ත්වයක් යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ ඇතැම් බලධාරීන් පිරිසක් විසින් රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂ හැත්තෑ දහසක් (27,870,000) වටිනා පරිගණක උපාංග මිලදී ගැනීමට කටයුතු කර ඇතැයි ද මෙකී භාණ්ඩ දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ යක්කල ගබඩාවක තබාගෙන ඇතැයි ද පසුගිය දා මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

නමුත් මේවන තෙක් අදාළ මුදල ගෙවීමට කටයුතු කර නැති බවත් ඒ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ තොරතුරු තාක්ෂණ අංශය සහ තවත් පිරිසක් විසින් අදාළ භාණ්ඩ මිලදී ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය නොවන බවත් එය අනවශ්‍ය වියදමක් බවත් කරුණු සහිතව පෙන්වා දීම හේතුවෙන් බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ උසස් නිලධාරියකු අප හා පැවසීය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාරාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරි බුද්ධික තිලකරන්ත ද අදාළ පරිගණක මගඩියට විරුද්ධව තදින් පෙනී සිටි අයකු බව ද මෙම අමානුෂික පහරදීම බයිසිකලය නතර කිරිමක් නිසා නොව පරගණක මගඩියෙන් අයුතු ලාභ උපයා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කිරීම නිසා සිදුවූවක් බවට සාධාරණ සැකයක් ඇති බව ද අදාළ නිලධාරියා අප වෙත පවසා සිටියේය.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්