ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි.

මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.


(lankadeepa.lk)

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්