17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය


කුඩම්මා කෙනෙකු විසින් දරුවෙකුට අමානුෂික ලෙස සලකන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වෙමින් තිබේ.

එහි එම කුඩම්මා විසින් ගැහැණු දරුවාට ඉතා නින්දිත ලෙස පරුෂ වචනයෙන් බැන වදින ආකාරයත්, දරුවාට මරණ තර්ජන කරන ආකාරයත් එම වීඩියෝව තුළ අඩංගුව ඇත.

මෙම වීඩියෝ දර්ශන ප්‍රචාරය වූ විගසින් රාගම පොලිසිය මැදිහත් වී සුලු තුවාල සහිතව සිටි දැරිය ඊයේ (10) දිනයේ දී රෝහල් ගත කර තිබේ. අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ පොලිසිය, මෙම අමානුෂික ප්‍රහාරය සිදුකළ 39 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.

රාගම පොලිසිය පැවසුවේ දැරියගේ මව මියගොස් ඇති අතර ඇයට අමානුෂික ලෙස පහර දෙන්නේ ඇයගේ කුඩම්මා විසින් බවය.

දැරිය තරුණයින් සමග පවතින ප්‍රේම සබඳතාවලින් මුදාගැනීම සඳහා මෙලෙස ඇයට දඬුවම් කළ බව කුඩම්මා පොලිසියට පවසා ඇත.

මේ වනවිට දැරියගේ පියා සේවය කරන්නේ කොරියාවේ ය. ඔහු එහි සිට නිවසේ CCTV දර්ශන ඔස්සේ මේ අමානුෂික ප්‍රහාරය දැක ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබෙන බව අනාවරණය වී තිබේ.

රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්