කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව

තීරණය කර ඇති නමුත්, මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත්, මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචිමාර්ග වලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇත .

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මුලින් තීරණය කර තිබුණ ද, මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් එය කල් දමනු ලැබීය.



මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළ නමුත්, මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.



මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැදවනු ලැබුවද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි .

ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින් තමා ඊට සහභාගී නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති නිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.

ඒ සමගම ඇය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසටය.

එසේ වුවද පවතින තත්වය හමුවේ ඇතිව තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.



අයවැය මඟින් මැතිවරණයට මුදල් වෙන් කර තිබුණද, අධිකරණ තීන්දුවක් ලබා දුන්නද, මැතිවරණයට ලබා දීමට ආණ්ඩුවට මුදල් නොමැති නම් මුදල් ලබා දෙන්නේ කෙසේදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රශ්න කරයි.

 



සබැඳි පුවත් :

අධිකරණය කිව්වත් දෙන්න සල්ලි නැහැ! - ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්

ඡන්දෙට වෙන් කළ මුදල් නොදෙන්න හේතුව !

නීතිඥ දොළවත්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරයි !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්