වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි

අමාත්‍යවරයෙක්ට සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ප්‍රදේශවාසී ජනතාවගෙන් අද (11) බලවත් විරෝධතාවයක් එල්ලවී ඇත.

රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට ගිය අමාත්‍ය විදුර වික්‍රමනායක ට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ට එසේ ජනතාගේ විරෝධතාවය එල්ල විය.

පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩි ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගොස් තිබිණ.

විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් බුද්ධසාසන  සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක උත්සවයට පැමිණීමට පමා වූ අතර නව ගොඩනැගිල්ලේ ඵළකය නිරාවරණය කරන ලද්දේ ප්‍රදේශයේ කලා කරුවන් පිරිසක් විසිනි. 

  

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්