ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


එහි සභාපති නිමල් ජී. පුංචිහේවා 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100
කි.
 

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබිණ.

එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත. ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසිය.

මේ අතර ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙක අභිභවා කටයුතු කළහොත් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වන බව පැෆරල් සංවිධානය පවසයි.  

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.



මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා වෙත පසුගියදා අදාළ ලිපිය යොමු කළ බවයි.

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි, සිය කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බැවින් සිය කොමිසම මුදල් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරීම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ  ලේකම්වරයා දැනුම් දී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී  ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා‍ගේ ද අනුමැතිය අවශ්‍ය වන බවයි.

මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවිය.

මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, අප්‍රේල් මස 25 වැනිදායි.

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වලකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය,  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග එය තීරණය කෙරිණි.


 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්