ප්‍රේමනාත් සී. දොලවත්ත හා ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.



නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සංගමය කැපවී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදය නීතිය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාවේ ජනතාවගේ උරුමයක් බවත්, පුරවැසියා සහ රාජ්‍යය අතර සහ පුරවැසියන් අතර යුක්තිය ඉටුවීම සහතික කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අත්‍යවශ්‍ය බව රාජ්‍යයේ සියලුම ආයතන පිළිගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

IMG 0249

 IMG 0250

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්