ඒ්කාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවා ඇති රටම වහන සමස්ත මහා වැඩවර්ජනයක්

හෙට දින (15) රට පුරා ක්‍රියාත්මක වීමට නියමතව තිබිය දී ඒ සඳහා ආණ්ඩුවේ සූදානම කෙසේ දැයි විමසා බැලිමු.

15 වෙනිදා වැඩවර්ජනය ප්‍රධාන ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි, කළමනාකරණ සේවා, සමෘද්ධි, ග්‍රාමා නිලධාරි ඇතුළු රාජ්‍ය සේවයේ සියළුම වෘත්තිය සමිති මේ සඳහා සහභාගි වීමට නියමිතය.

මෙහි ප්‍රධාන ඉල්ලීම් ලෙස රුපියල් 20,000 දීමනාවක් ලබාගැනීම, බැංකු පොලී අනුපාත අඩුකිරීම, විදුලි බිල අඩුකිරීම, උපයනවිට බද්ද සංශෝධනය කරගැනීම, රාජ්‍ය මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගැනීම ආදිය වෘත්තීය සමිති නායකයන් විසින් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇත.


වැටුප් රහිත නිවාඩු දිනයක්

"හෙට දිනයේදි 23/03/15 විධිමත් පරිදි නිවාඩු අනුමත නොකරවාගෙන සේවයට නොපැමිණෙන සියලුම නිලධාරින් සඳහා වැටුප් රහිත දිනයක් ලෙස සලකා කටයුතු කල යුතුය. සියලුම කොමසාරිස්වරු තමන් යටතේ ඇති අංශ වල නිලධාරින් සම්බන්දයෙන් මෙම උපදෙස් අනුව කටයුතු කල යුතුය."

මේ කම්කරු කොමසාරිස් ජනරාල්ගේ දැනුම් දීමයි. ඒ අනුව සියලුම කලාප/ දිස්ත්‍රික් / උප/ ඉංජිනේරු කාර්යාලවල සේවකයන් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම වලංගු වන ඇත.


සේවයට වාර්තා කිරීම අනිවාර්යයි

"කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කර්යාල වලට අනුයුක්ත සියලුම සංවර්ධන නිලධාරින්ගේ හෙට දින (15/03/2023) ක්ෂේත්‍ර රාජකාරි අවලංගු කරන අතර සියලුම නිලධාරින් තමා අනුයුක්ත දිස්ත්‍රික් /ප්‍රාලේ කාර්යාලය වෙත සේවයට වර්තා කල යුතුය"

මේ කම්කරු අමාත්‍යාංශ ලේකම් වරයාගේ දැනුම් දිමයි. ඒ් අනුව හෙට දිනයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ අනුයුක්තව සේවය කරන සියලුම සංවර්ධන නිලධාරීන්ට ක්ෂේත්‍ර රාජකාරි අවලංගු වන අතර සේවයට වාර්තා කිරීම අනිවාර්ය කොට ඇත.

මේ අතර මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන සියලුම නිලධාරීන් 15වන දින රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම කාර්යාලයට වාර්තා කළ යුතු බවත් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන දිවයිනේ සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යලවල නිලධාරීන්ට ද මෙම තීරණය බලපැවැත්වෙන බව මිනිස්බල හා රැකීරක්ෂා දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිවේදනයක් මගින් දැනුම් දී ඇත.‍



දුම්රිය ගැන පොලිස්පතිවරයාගේ දැනුම් දීම

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බව ප්‍රකාශ කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අද (14) පෙරවරුවේ නිවේදනයක් මගින් දන්වා සිටි අතර එමගින් 15 දින සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු වන බවත් සියලුම සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවත් දන්වා තිබේ.

එසේ තිබිය දී කඩාකප්පල්කාරීන්ට ඉඩ නොදී දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂ නිවේදනයක් ද අද (14) නිකුත් කොට ඇත. එහි මෙසේ සඳහන්ව ඇත

"දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.

ඇතැම් පිරිස් විසින් දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් කරන බවට සහ අඛණ්ඩ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට බාධා කිරීම සඳහ සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා පොලිසිය පරම වගකීම වන අතර ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ කිසිම සිදුවීමක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

වැඩිමනත් වශයෙන් සියලුම මුපොප / ස්ථානාධිපතිවරුන් විසින් පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට උපදෙස් ලබා දී අවශ්‍ය පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සිදුකළ යුතුය.

  1. සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම.
  2. දුම්රිය මාර්ග වල කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීම සඳහා මුරසංචාර යෙදවීම සහ හැකි සෑම අවස්ථාවකදී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒකාබද්ධව දුම්රිය මාර්ගවල සංචාර සිදු කිරීම.
  3. සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
  4. දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.


මෙම වැඩපිළිවෙළ අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළයුතු අතර සෑම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින්ම තම බල ප්‍රදේශය තුළ දුම්රිය මාර්ග පවත්නා කොට්ඨාස වෙත ප්‍රමාණවත් නිලධාරීන් කණ්ඩායම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය."

මේ අනුව ආණ්ඩුවට එරෙහිව දියත් කරනු ලබන සමස්ත මහා වැඩ වර්ජනය සාර්ථක කරගැනීමට වෘත්තීය සමිති නායකයන් සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින අතර එය කෙසේ හෝ වළක්වා ගෙන රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බව පෙනී යයි.

khjkldfj

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්