වර්ජනය පැවතිය ද අද (15) උදෑසන දුම්රිය ගමන් වාර 20  ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී  ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ පවසයි.



ඔහු පැවසුවේ, බෙලිඅත්ත,ගාල්ල, අවිස්සාවේල්ල, මහනුවර, රඹුක්කන, අලුත්ගම  හා මහව යන ප්‍රදේශවල සිට මෙම දුම්රිය ධාවනය කළ බවයි.

පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සාමාන්‍ය දිනකදී කාර්යාලයීය දුම්රිය 45 ක් පමණ කොළඹට ධාවනය කරන බවයි.

මේ අතර වෘත්තීය සමිති පැවසූවේ, ඊයේ (14)  මධ්‍යම රාත්‍රීයේ  සිට ආරම්භ කළ දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අද (15) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බවයි.

කෙසේවුවද අපගේ වාර්තාකරුවන් පවසන්නේ, වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇති බවයි.


දුම්රිය නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව !


දුම්රිය සේවකයින් පිරිසක් වැඩවර්ජනයක නිරත වුවද දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ, සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බව පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න විසින් නියෝග කර ඇත.

සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් පොලිස් නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය.

දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා ද සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා නියෝග කර ඇත. 

 
අතිරේක බස්රථ ධාවනයට පුද්ගලික බස් හිමියන් සූදානමින්


අද දිනය තුළ මගී ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් බිමන් යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය පරිදි පුද්ගලික බස්රථ යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද දිනයේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බැවින් අතිරේක බස්රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බවයි.



ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ලංගම බස්රථ ද උපරිම සංඛ්‍යාවක් අද දිනය තුළ ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.  

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්