වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (15) දීපව්‍යාප්තව සංවිධානය කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු අඩපණ වී තිබේ.


රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධනයට සහ අනෙකුත් පීඩාකාරී තීරණවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසති.

සෞඛ්‍ය, වරාය, විදුලිබල, බැංකු, ජලසම්පාදන, තැපැල් සහ අධ්‍යාපන ඇතුළු කේෂ්ත්‍ර රැසක වෘත්තීය සමිති මෙම වර්ජනයේ නිරතව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අද පෙරවරු 8.00 සිට සෑම රජයේ රෝහලකම වෛද්‍යවරු වර්ජනයේ නිරතව සිටින බවය.

කෙසේ වෙතත් මෙම වර්ජනයට තම සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවේ තම වෘත්තීය සමිතියද අද පැවැත්වෙන වර්ජනයට සහාය ලබාදී ඇති බවයි.

ලංකා ගුරු සංගමයද අද වර්ජනය සඳහා එක්ව ඇතැයි එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

දුම්රිය රියදුරන්ගේ සංගමයද වර්ජනයට සහාය දක්වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කේ. යු. කොන්තසිංහ පැවසීය.  

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ තම සංගමය වර්ජනයට සහය නොදෙන බවයි.

දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.


ලංවිම මුදල් බාර නිලධාරී සංගමය වර්ජනයට නෑ


තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව ලංවිම මුදල් බාර නිලධාරී සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී ඇත.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බව ද ලංවිම මුදල් බාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.


බැංකු කටයුතුවලට බලපෑමක් නැහැ !


ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකා බැංකුවේ සියලුම අංශ සාමාන්‍ය පරිදි බැංකු සේවා සමඟින් මහජනතාවට සේවය කිරීම සඳහා ක්‍රියාත්මක වන බව ද ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා තහවුරු කර තිබේ.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා තහවුරු කර ඇත්තේ මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් අද පෙරවරු 10.30 වන විට පැමිණීම 75% ඉක්මවන බවත්ය.


ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්


ඉන්ධන තොග බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජතෙල් සහ කොලොන්සනාව පර්යන්තය භාපති එම්.යූ. මොහොමඩ් පැවසීය.

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බව CPC සහ CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 අද දියත්කර ඇති වර්ජනයට තම සංගමයේ ඛනිජ තෙල් සේවකයින් සහාය නොදක්වන බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් පවසයි.


වර්ජනයට පක්ෂව හා විපක්ෂව සමාජ මාධ්‍ය මෙහෙයුමක් !


මේ අතර මෙම වැඩවර්ජනයට පක්ෂව හා විපක්ෂව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස පලවී ඇත.

mhsa

uvindu 2023.03.15

රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නෙ එයාගෙ මාමගෙ කාලෙ වගේ මේ කාලෙත් කියල නම් ලොකු වැරදීමක් එයා කරගන්නෙ. මේ අරගලය දැන් යන්නෙ එයාගෙ උද්දච්චකමට විරුද්ධව, ඒක නෙට්ෆ්ලික්ස් බැලුවට විතරක් තේරුම් ගන්න බැහැ. දැන් අනිද්ද ඉඳන් වැඩකරන අය කරෝළ විකුණල ජීවිකාව ගෙනයයි කියලද එයා හිතන් ඉන්නෙ?

March1 15



වැඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් වූ මෙම දැන්වීම පිළිබඳව ප්‍රවීන දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා මෙසේ සටහන් කර තිබේ.

Kusal1

''ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් උඩින්ම ලියලා තියෙන ඉල්ලීම් 04 න් කියන්නෙ ඔවුන් කොයි තරම් ආත්මාර්ථකාමි, කෑදර වෘත්තිකයින් පිරිසක්දැයි කියලා. ඊළඟට ඔවුන් මේ රටේ දිග හැරෙන ජාතික ගැටළු ගැන දන්නා ඉටි ගෙඩියක් නැතැයි පළාත් පාලන මැතිවරණ කතාවෙන් කියන්නක්. ඔවුන් දන්නා තරමට, පළාත් පාලන මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය හකුලන මැතිවරණයක්. නමුත් එය කල් නොදමන ලෙස ඉල්ලනවා. මෙහෙව් ගුරු පරපුරකින් ඉගෙන ගන්නා ළමුන්ට යන කල දවස කුමක්ද?''


කුසල් පෙරේරා තවදුරටත් මෙසේ සඳහන් කරයි.

''ආණ්ඩුවට විරුද්ධව ලක්ෂ 42 ක් ළමුන්ගේ ඉගැන්වීම් කටයුතු අත හැරලා 2,40,000 ක් ගුරුවරුන් වර්ජනයකට කැඳවන කොට, ඒක බරපතල වගකීමක් සහිත තීන්දුවක්. ඒ සඳහා මෙහෙම තුණ්ඩු බෙදලා වර්ජන තීන්දු දැනුම් දීමම මේ නායකයින් කියන එවුන්ගේ තරාතිරම කියා පානවා. මේ කිසිම ඉල්ලීමක් කිසිදු වැදගත් සාකච්ජාවකින් අනුමත වුන ඉල්ලීම් නෙවෙයි.''




 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්