වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.



අද දින දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්‍යාලයට රැස්වූ වරාය, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති හතළිහක් අතර දැඩි වාද විවාද මැද පැවැති සාකච්ඡාව අවසානයේ දී මෙම තීරණයට එළැඹ ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට සහය නොදෙන බව සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශ කර තිබේ.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා අදහස් දක්වා ඇති අතර අනෙකුත් වෘත්තීය සමිති සියල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය අනුගමනය කරමින් අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට එකඟත්වය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය හා විදුලිබල මණ්ඩල සේවක සංගමය ද පොදු තීරණයට අවනත වෙමින්, අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

15.03.2023 මාධ් ය නිවේදනය page 0001

15.03.2023 මාධ් ය නිවේදනය page 0002

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් සමස්ත පාසල් පද්ධතියම අඩපණ වී තිබුණි.

පාසල්වලට දරුවන් නොපැමිණීමෙන් පාසල් පාළුවට ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය. වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා සමස්ත රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු සමස්ත කාර්ය අකර්මණ්‍ය විය.

වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තිය සාමාජිකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රීයේ වැඩ වර්ජනය අවසන් කර ආණ්ඩුවට දින 7 ක කාලයක් දෙන බවත් ඒ අනුව ලබන 21 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවාද නැද්ද යන්න තීරණය කරන බවත් ය.





 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්