වැඩ කරන ජනතාව බිත්තියට හිර නොකර බදු විරාම සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා

වැඩිකරන ලෙස සමගි ජන බලවේගය රජයට බලකර සිටියි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම කාරණය අවධාරණය කර සිටියේ,  විපක්ෂ නායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාව දීය.

වත්මන් රජය එපා කීවද මේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් කිසි එකඟතාවයක්, ගිවිසුමක් අවශ්‍ය බව සමගි ජන බලවේගය මුල සිටම අවධාරණය කළේ රාජ්‍ය පාලනය පිළිබඳව තිබූ අත්දැකීම් නිසා බවත්, එහෙත් මේ රජය එය මග හැරිය නිසා රට අද බංකොලොත් තත්ත්වයට පත්විනැයි ඉරාන් වික්‍රමරත්න එහිදී සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේ ද කීය.


අත්දකීම් නැති පාලකයන් රට බංකොලොත් කළා'

'' ලංකාවේ පුද්ගලයා පිළිබඳ ගැටළුවක් තිබෙනවා. මේ අය කියන දෙයක් විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය මූලිකව මතුවෙනවා. හිටපු අයගේ අසාර්ථක භාවය මත ජනතාවට ඔවුන්ව ප්‍රතික්ෂේප කළ හැකිවෙනවා. එහෙත් ඇතැම්විට කිසිදු අත්දැකීමක් නැති අළුත් මුහුණු පැමිණෙන විට ඔවුන් පිළිබඳව ප්‍රවේසම් විය යුතු වෙනවා. අවාසනාවකට අද රට එවන් ඉරණමකට තල්ලුවෙලා තියෙනවා.



සුනාමි ව්‍යසන අවස්ථාවේ රට හදන්න යැයි ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලුවද රට හදන්න බැරි විය. යුද්ධය අවසන් කළ පසුව ද රට හදන්න හොඳම අවස්ථාව යැයි කිව්වා. ඉන් ටික කලකට පසුව අපට ජනවරමක් ලැබිලා තිබෙන නිසා අපි රට හදන්න යනවා යැයි අප්පච්චිගේ පක්ෂය විවිධ ආකාරයට ජනතාව මුලා කළ නිසා අද වන විට එම පක්ෂයට ගමට බැහලා රැස්වීමක් පවත්වන්නටවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ..



දැන් ඔවුන්ම බංකොලොත් කළ රට හදන්න හොඳම අවස්ථාවක් යැයි කියමින් ජනවරමක් ඉල්ලන්න සූදානම් වෙනවා. මේ රට හදන්න අවශ්‍ය රාමුව කුමක්ද යැයි අපි කල්පනා කළ යුතුයි. එහිදි කවුද හදන පුද්ගලයන් ඔවුන්ගේ පෙර කාර්ය සාධනය කුමක් ද, කරන්න යන දෙය කුමක්ද යැයි විමසා බැලිය යුතුයි.

අප මුල සිටම ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලබා ගැනීම හරහා යම් කිසි මූල්‍ය විනයක් සහිත පාලනයක් රටෙ සිදුවන බවට ජාත්‍යන්තර වෙලඳ පොලට පණිවිඩයක් යනවා. ඒ හරහා අනෙකුත් රටවල් හා සංවිධාන හරහා ද අපට අධාර ලබා ගනීමට හැකිවනවා. එහෙත් රජය ජා.මූ.අරමුදල සමඟ පැවති නිලධාරී මට්ටමේ සාකච්ඡාවේ කරුණු මේ රටේ ජනතාවට හෙළි කළ යුතුයි. ඒවා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස අපි රජයට බල පෑම් කරනවා. රාජ්‍ය පාලනයේ විණිවිදභාවයක් තිබිය යුතුයි.

කූට ලෙස කටයුතු මෙතෙක් පවත්වාගෙන ගිය නිසයි රටේ දූෂණය හා අක්‍රමිතා බහුලව සිදු වූයේ. මේවා තවදුරටත් වක්‍ර ආකාරයට සිදු කරන්නට ඉඩ දෙන්නට බැ..

ජා.මූ.අරමුදල සමග ණය ගිවිසුම්  එකඟතාවයට ඒමට ප්‍රථම  යම් කිසි ක්‍රියාවලියෙහි නිරතවීමට රජයට සිදුව තිබෙනවා. බදු වැඩි කිරීම හා රාජ්‍ය ආදායම වැඩි කිරීම එහි එක් කොන්දේසියකි. මේ පිළිබඳව ප්‍රධාන විපක්ෂය විරුද්ධ නැහැ. 2015 පාලනය ගත් විට රාජ්‍ය ආදායම ද. දේ. නි යේ ප්‍රතිශතයක් ලෙස 10 % යි. අපි 2019 රට මේ රජයට භාර දුන් විට ආදායම 13 % ට ආසන්න විය. මූලධර් මයක් ලෙස රටේ රාජ්‍ය ආදායම ඉහල නැංවිය යුතු වෙනවා.



මේ රජය හා මුල්‍ය අරමුදල අතර ඝට්ටනය තිබෙන්නේ ආදායම ලබා ගත යුත්තේ කාගෙන්ද ? ගන්නේ කුමන ප්‍රශ්නයක් ද ? ඒ සඳහා වන ක්‍රමවේදය කුමක්ද ? ගත යුතු බදු ප්‍රමාණය කීයද? බදු විරාම ප්‍රමාණය කීය ද ? ප්‍රතිශතය කීයද ? යන්නයි රජයේ කාර්යයන්හි විණිවිද භාවයක් නොමැති බැවින් ඒවා  දැන් රටේ විවාදයට ලක් වෙමින් තිබෙනවා.




'IMF එකඟතා පිළිබඳව රටට කරුණු හෙළි කළ යුතුයි'

රජයේ බදු ක්‍රමයට එරෙහිව අද මිනිසුන් පාරට තල්ලුවෙලා ඉන්නේ. 2019 පැවති බදු විරාම සීමාව ලකෂ්ය අදත් එසේමයි, එහෙත් එද සහ අද අතර ආහාර උද්ධමණය 100 % වැඩිවෙලාය. සාමාන්‍ය උද්ධමණය 60 % ට වැඩි වූ අතර දැන් එය 53 % දක්වා අඩු වී ඇත. ආර්ථික විද්‍යාව අනුව මුදලේ වටිනාකම උද්ධමනයේ ප්‍රමානයට සාපෙක්ෂව 60 % කින් පමණ අවප්‍රමාණය වෙලා තිබෙන්නේ. කෙටියෙන් පවසන්නේ නම් රුපියල් ලක්ෂයකින් 2019 දී මිලදී ගත් භාණ්ඩවලින් අඩක් පමණයි 2023 දී මිලදී ගත හැකිවන්නේ. ඒ අනුව පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය හීනවී තිබෙනවා.

රුපියල් ලක්ෂයක් යනු අද ධනපති වැටුපක් නොව ප්‍රවාහන ගාස්තු, විදුලිය හා ජල බිල දරුවන්ගේ අධ්‍යාපන වියදම් සැලකිල්ලට ගත් කල මධ්‍යම පාන්තික සාමන්‍ය පවුලක මාසික වියදමට ප්‍රමාණවත් නොවන තරම් වැටුපක්.. එනිස වැඩ කරන ජනතාව බිත්තියට හිර නොකර බදු විරාම සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකරන ලෙස සමගි ජන බලවේගය, රජයට බලපෑම් කරනවා''  යැයි ඉරන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්