මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂික ගුණරත්නගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගොනු කර ඇති රිට් පෙත්සම පළමු අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඊයේ (මාර්තු 15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.



පොලිස් අත්අඩංගුවේ දී තම පුතාගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඔහුගේ මව විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න, මෙම පෙත්සම හුදු උපකල්පනයක් මත ගොනු කර ඇති බව සඳහන් කළ අතර එම පෙත්සම මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතිඥ හෆීල් ෆාරිස් කියා සිටියේ, මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආයුධ සොයා ගැනීමට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් සිදු වූ බව සහ එබැවින් සැකකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවය.

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම්වලින් අනතුරුව අදාළ පෙත්සම ලබන 20 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.


සළිඳුගේ ජීවිතය අවදානම් !


පෙත්සම්කාරිය පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාළව සැකකරුවෙකු ලෙස හෝ අධිචෝදනා ලබා ඇති බවත් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ මරණ සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවය. ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි ආසන්න අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ පවුලේ අය සහ නීතිඥයින් විසින් නිශ්චිත අනතුරු ඇඟවීම් නොතකා ස්ථානගත කිරීම සිදුවන බවත් ඇය මෙම පෙත්සමින් පෙන්වා දී තිබිණ.

එහිදී ඇය තවදුරටත් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමට පෙර ඔහුගේ බිරිඳ ඒ බව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව තමන් දන්න්නේ යැයි පෙත්සම්කාරිය පවසයි.

මෙවැනි පසුබිමක් මත තම පුත්‍රයාටද මරණය සිදුවිය හැකි බැවින් ඔහුගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසට නියෝගයක් නිකත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉලලීමක් කර ඇත. එම නිසා තම පුතාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇය දිවුරුම් ප්‍රකාශයක් සමඟ 2023 මාර්තු 13 වැනි දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ බව ද පෙත්සම්කාරිය පවසයි.





JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්