එළඹෙන මාර්තු 19වැනි දිනෙන් අවසන් වන පලාත් පාළන ආතනවල පාලන වගකීම මහා නගර සභාවල කොමසාරිස්වරුන් වෙතත්, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි ලේකම්වරුන් වෙතත් පවරන බව මේ වන විට ප්‍රකාශවී ඇත.

ඒ බව පලාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග ද සනාතකර සිටී.

එනමුත්, මෙම මහජන නියෝජිත ආයතනවල පාලනය නිළධාරීන්වෙත පැවරීම නීත්‍යානුකූල නොවන බව මේවන විට පලාත් පාලන ආරංචි මාර්ග සඳහන්කරයි.

මෙම තත්වය මතුව ඇත්තේ වර්ෂ 2017. 12. 15 දින අංක SC/FR35/2016 දරණ ශ්‍රේෂ්ඨාධිකරන නඩු තීන්දුවට අනුවය. 

 

එවකට පැවැති රජය සීමානීර්ණය අවසන් නොවීම හේතුවෙන් පලාත් පාළන මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කිරීමට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ එවකට හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා නියෝජිතයන් පිරිසක් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව කියමින් ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශකරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශකර තිබේ.

 

එනම්, "නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ හා නියෝජ්‍ය සභාපතිවරැන්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද, බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ සිදු කිරීම සඳහා නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල ලේකම් වරුන්ට අවසර ලබාදීමෙන් 1වන වගඋත්තරකාර කොමිෂන් සභාව විසින් සහ/හෝ 1 සිට 4 දක්වා වූ වගඋත්තරකරුවන් විසින් සහ/හෝ රජය විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති පෙත්සම්කරැවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇත" යනුවෙනි.

මෙම තත්වය උඩ මාර්තු 19 දින විසුරවනු ලබන පලාත් පාලන ආයතනවල පාලනය සම්බන්දයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට පලාත් පාළන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.


එකී නඩු තීන්දුව පහලින්



තීන්දුවේ අවසාන ඡේදය හා එහි කියන 'd' සඳහා 10වන පිටුව බලන්න.


එහි සිංහල පරිවර්තන පිටු දෙක පහල ඇත.

PHOTO 2023 03 16 16 57 56

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්