වෘත්තීය සමිති නායකයින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කාන්තාව පාවිච්චි කරමින් සිටින බවත්,

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් සේවයේ යෙදෙන කාන්තාවන්ට රාත්‍රී සේවයට අවසර ලබාදෙන විට එයට විරුද්ධව කතා කිරිම එන්නේ මිනිබිරියන් බලා ගන්නා වයසේ සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයින් බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරපැවසුවේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරවේ නාරාහේන්පිට - කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු දෙමාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.

මාර්තු මස 08 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා සහ ළමා කටයුතු අංශය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.



අද වෙනකොට සෑම ක්ෂේත්‍රයක්ම අවස්ථාවාදීන්ගේ ගොදුරු බවට පත්වෙලා. ඊයේ පැවැති වැඩවර්ජනයත් එහෙම එකක්. බදු ගහනව කියල ඔක්කොම එකතුවෙලා පාරට බැස්සට ඒ බද්දට අහුවෙන්නෙ ලංකාවෙන්ම අසූපන් දහසක් තරම් පිරිසක් විතරයි. ඊයෙ දවසෙ වරායේ පාඩුව රුපියල් බිලියන ගාණක්. හැබැයි ඒ වරාය වසා දැමීමට කටයුතු කරපු වෘත්තීය සමිති නායකයගෙ වැටුපෙන් බද්ද විදිහට කැපෙන්නෙ රුපියල් එක් දහස් දෙසිය පනහයි. වැඩකරන ජනතාව මේ අවස්ථාවාදීන්ට අසු නොවී කටයුතු කිරීමට වගබලා ගත යුතුයි කියල මම ඉතාම ඕනෑකමින් වැඩකරන ජනතාවගෙන් මේ සුවිශේෂී සැමරුම් උත්සවයේදී ඉල්ලා සිටින්න කැමතියි.



කාන්තාව කොතරම් සුන්දර වස්තුවක් ද කියන එක අපේ සාහිත්‍ය දෙස බැලීමේදී පැහැදිලි වෙනව. සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින කියලයි සැළලිහිණි සංදේසයේ කාන්තාව ගැන වර්ණනා කරල තියෙන්නෙ. කාන්තාවගේ මුහුණ හඳටයි එතනදි උපමා කරල තියෙන්නෙ. බෙහෝ අවස්ථාවල අපේ සාහිත්‍යකරුවො කාන්තාව ඇයි හඳට උපමා කරල තියෙන්නෙ. කාන්තාව හඳට උපමා කෙරුවෙ වෙනත් තේරුමකින්. ඉර තමයි ජීවය දෙන්නෙ කියල කිව්වට මිත්‍රවරුණි හඳ තමයි ලෝකයට ඇත්තටම ජීවය දෙන්නෙ. වඩදිය බාදිය තත්ත්වය ඇතිකරන්නෙ හඳේ බලපෑමෙන්. ගොවි ජනතාව බීජ පැල කිරීමේදී පෝය තමයි සළකා බලන්නෙ. ඒ අනුව තමයි බීජ පැල කරන්නෙ. හඳ නැති දවසට ඒ කියන්නෙ අමාවක දවසට ගස් කපල මඩේ දාල පල් කරල අරගෙන ඉරල ගත්තම ඒ ලෑලී වලට ගුල්ලො ගහන්නෙ නෑ. කාන්තාව හඳට උපමා කරල තියෙන්නෙ ඇය ඕනෑම රැයක ජීවනාලිය වන නිසයි.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසය ගැන කතා කිරීමට බොහෝ දේ තියෙනව. එහිදී, කම්කරු අමාත්‍යාංශය විදිහට අපට පැවරෙන වගකීම තමයි වැඩ ලෝකය තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම. නමුත් පෞද්ගලිකව මම මේ අදහසට විරුද්ධයි.


කාන්තාව වෙනම රැකබලා ගත යුතු කෙනෙක්ය කියල වර්ග කරල අපි කාන්තාව දුර්වල කරනව කියලයි මම හිතන්නෙ. කාන්තාව කියන්නෙ දුර්වල කෙනෙක් ද ? නෑ. කාන්තාව කියන්නෙ ඉතාම ශක්තිමත් කෙනෙක්. කාන්තාවට තරම් දරාගැනීමේ හැකියාවක් පිරිමින්ට නැහැ. එහෙමනම් ඇයි අපි කාන්තාව දුරුවල කෙනෙක් විදිහට සළකන්නෙ?



අද අපේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණය ගේන්නෙ කාන්තාවන් විසින් බව අමතක කරන්න එපා. නමුත්, වැඩ ලෝකය තුළ කාන්තාවට සීමා බාධක රැසක් තියෙනව. ඇයි එහෙම සීමා බාධක දාන්නෙ? එක නීතියක් තියෙනව අවුරුදු පහට අඩු ළමයි ඉන්න කාන්තාවන්ට විදෙස් රැකියා සඳහා යා නොහැකි බවට. ළමයි අයිති මවට විතර ද පියාට ළමයි ගැන වගකීමක් නැද්ද? මේ ගැන අවධානය යොමු කරපු මම දැන් කටයුතු කරල තියෙනව අවුරුදු පහේ ඒ නීතිය අවුරුදු දෙක දක්වා අඩුකිරීමට. අපි කාන්තාවන්ට රැකියා සදහා යෙදීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. විදේශ රැකියා සදහා පිටත්ව යන කාන්තාවන් ජාවාරම්වලට අහුවෙන එක වැලැක්වීමට අපි වැඩසටහන් ක්‍රියාත්මක කළා.


ඇයි කාන්තාවට රෑට වැඩ කරන්න බැරි

කාන්තාවටත් පිරිමියාට වගේම සමාජයේ නිදහසක් සහ අවස්ථාවක් තිබිය යුතුයි. කාන්තාවට රෑට වැඩ කරන්න එපාලු. කාන්තාවොයි පිරියි නම් ලෝකෙ ඉන්නෙ, ඇයි අපි කාන්තාවන්ට විතරක් එහෙම නීතියක් දාන්නෙ. ඒක වැරදියි. රෑ වැඩ කරනකොට කාන්තාවන්ට ප්‍රශ්ණ ඇති වෙනවලු. එහෙමනම් ප්‍රශ්ණෙ තියෙන්නෙ කාන්තාවන්ගෙ නෙමෙයිනෙ. පිරිමි හොඳ නම් කාන්තාවන්ට ප්‍රශ්ණ ඇති වෙන්න විදිහක් නෑනෙ. පිරිමින්ගෙ තියෙන නොහැදියාව නිසා කාන්තාවන්ගේ නිදහසට වැට බඳින එක වැරදියි. හැබැයි හැමතැනදිම ඒක එහෙම නෙමෙයි කියන එකත් මෙහිදී මම මතක් කරන්න ඕන. මැදපෙරදිග සමහර ප්‍රශ්ණවලදි අපේ කාන්තාවන්ට වැඩිම අතවර සිදුවෙලා තියෙන්නෙ කාන්තාවන්ගෙනුයි.  

කාන්තාවන්ට රාත්‍රී සේවයට යෙදෙන්න කැමැත්තක් තිබෙනවා නම් ඒ සදහා අවස්ථාව තිබිය යුතුයි. කාන්තාවට අතිකාල සේවය කිරීමට අවශ්‍ය නම් ඒ අවස්ථාව තිබිය යුතුයි. කාන්තාවන් අද රෑ වෙනකම් වැඩ කරනවා. මේක නිදහස් සමාජයක්. හැබැයි තමන්ගේ වෘත්තිය සමිතිවල අවශ්‍යතාවය වෙනුවෙන් කාන්තාවන් පාවිච්චි කරන්න තමයි මේ වෘත්තීය සමිති නායකයින් කටයුතු කරන්නේ. දැන් කාන්තාවන්ට රාත්‍රියේ සේවය කරන්න අවස්ථාව දෙන විට එයට විරුද්ධව කටයුතු කරන්න එන්නේ මිනිපිරියන් බලාගන්න වයසේ ඉන්න ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෝ. අපේ රටේ දේශපාලඥයින් වෙලාවකට තමන්ගේ පැවැත්මට කම්කරුවන් පාවිච්චි කරනවා. ආගම පාවිච්චි කරනවා. ජාතිය පාවිච්චි කරනවා. වෘත්තීය සමිතිත් තමන්ගේ පැවැත්මට කාන්තාවන් පාවිච්චි කරනවා. තමන්ගේ පැවැත්මට සේවකයින් පාවිච්චි කරනවා.


දැන් ඊයේ පාරට බැහැපු අය පාරට බැස්සේ හැමෝටම බදු වදින නිසාද? දැන් බදු වදින්නේ ලංකාවෙන්ම අසූ පන්දහසකට විතරයි. වරායේ සේවකයෝ වැඩ වර්ජනය කළාම දවසකට බිලියන ගානක පාඩුවක් සිදුවෙනවා. වරායේ සේවකයින් පාරට බස්සපු වෘත්තීය සමිති නායකයාගේ පඩියෙන් කැපනේනේ එක්දහස් දෙසීය ගානයි. විදුලි බල මණ්ඩලයේ නම් ලොකු වැටුප් ගන්න නිසා බදුවලට කැපෙනවා. ඊයේ විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් සියයට හතිහක් ආවේ නෑ. ඒ අය අතිරික්ත සේවකයින් විදියට තීරණය කරලා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න පුලුවන්. සියයට හතලිහක් අයින් කරන්න පුලුවන්.



රාජ්‍ය සේවයේ වැඩියෙන්ම ඉන්නේ කාන්තාවන්. අපනයන ක්ෂේත්‍රෙය්ත් වැඩි දායකත්වයක් කාන්තාවන්ගෙන් ලැබෙනවා. රටට වැඩියෙන්ම විදේශ විනිමය එන්නේ මැද පෙරදිග කලාපයෙන්. එයින් වැඩි මුදලක් එවන්නේ කාන්තාවන්. කාන්තාවන්ට අභිමානයෙන් යුතුව කටයුතු කරන්න පුලුවන් තත්වයක් අපි ඇති කරනවා.
මම මේ අමාත්‍යාංශය භාරගන්න අවස්ථාවේදී කිව්වේ කම්කරුවා නැත්තට නැති කරනවා කියලයි. කම්කරු කියන වචනයත් වර්තමානයේදී වෙනස් විය යුතුයි කියලයි මම විස්වාස කරන්නෙ. වැඩ කරන ජනතාව හැඳින්වීම සඳහා මීට වඩා වෙනස් වචනයක් හඳුන්වා දිය යුතු බවයි මගේ අදහස.

කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා තටයුතු අංශය විසින් දීපව්‍යාප්තව පවත්වන ලද ෆෝස්ටර් නිර්මාණ තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන,සහතිකපත් ත්‍යාග පිරිනැමී ද අමාත්‍යවරයා අතින් සිදුවිය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්,පී.ඒ. විමලවීර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සිම්රින් සිං, අතිරේක ලේකම් ලාල් සමරසේකර,කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්ම මහත්මීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්