මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.



මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කණගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසක් ද මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

 

මහජන බැංකුවේ සේවකයන් ද පෙරේදා (15) පැවැති වැඩ වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය  කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

 

රාජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත් එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයින් අපහසුතාවයට පත්වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාතයාංශයට පැහැදිලි කර දී තිබේ.

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ දී  ඊයේ (16) අදාල බලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

 

මහජන බැංකුවේ ප්‍රතිචාරය මෙන්න

 

ඉහත සඳහන් කාරණාව සම්බන්ධයෙන් රජයේ දිනමිණ පුවත්පත ඇතුළු මාධ්‍ය ගණනාවක පළකර ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුවේ පාලන පාලන අධිකාරිය මගින් එම් වාර්තා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.

 

WhatsApp Image 2023 03 17 at 2.31.29 PM 1


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්